ඇමැතිකම් ගත් සියලුදෙනා ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට

161

නව රජයේ ඇමැති තනතුරු භාරගත් තම පක්‍ෂයේ සියලුදෙනා පක්‍ෂයේ දරන්නා වූ සියලු තනතුරුවලින් ඉවත් කරන බව හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණයකට අනුව මෙසේ ඇමැති තනතුරු ලබාගන්නා සියලුදෙනාම පක්‍ෂයේ දරන තනතුරුවලින් ඉවත් කරන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහෙත් පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ සිටිමින් රජය විසින් ජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණවලට පමණක් පක්‍ෂයක් ලෙස සහයෝගය ලබාදීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment