ඇමැතිගේ ගැසට්ටුව දෙදරයි – ජනපතිගෙන් සිව් පුද්ගල කැබිනට් අනුකමිටුවක්

401

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ ඇමැතිවරයා විසින් එහි කටයුතු අත්හිටුවා අතුරු කමිටුවක් පත් කරමින් නිකුත් කළ ගැසට්ටුව ගැන සොයා බැලීමට සිව් පුද්ගල කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (6 දා) තීරණය කළේය.

විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි, ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, කංචන විජේසේකර යන ඇමැතිවරු එම කමිටුවට ඇතුළත් වෙති ක්‍රීඩා ඇමැතිවරයා අදාළ අතුරු කමිටුව පත් කිරීම ජනාධිපතිවරයා දැනුවත් නොකර සිදුකර ඇති බවත්, ඊට පත්කළ සාමාජිකයන් ගැන හෝ ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවත් වාර්තා විය. ඊය් කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. මේ නිසා අතුරු කමිටුව පත් කිරීමද දැන් තවත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment