ඇමැතිගේ ජපන් කොමිස් පරීක්ෂණ ඇරැඹෙයි

824

කටුනායක ගුවන්තොටුපොළ නවීකරණය කිරීමේ කටයුතුවල යෙදෙන ජපානයේ පෞද්ගලික සමාගමකින් රජයේ ප්‍රබල ඇමැතිවරයකු කොමිස් මුදල් ඉල්ලූ බවට නැගෙන චෝදනා සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කර ඇති පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම චෝදනා සම්බන්ධව සිදුකරන පරීක්ෂණ අවසන් වන තුරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ඇමැති ධුරයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස ජනාධිපතිවරයා ඉකුත් 06 වැනිදා දැනුම්දී තිබුණි. ඒ අනුව ඇමැතිවරයා සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම චෝදනාව ආණ්ඩුව වෙත එල්ල කරන ලදි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment