ඇමැතිතුමා කෝ..? අක්කර 250 ක එළවළු විනාශ වෙද්දී බෝංචි, තක්කාලි, ගෝවා, අමුමිරිස් සියල්ල විනාශ වෙලා

289

හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුකුදේගම ගම්මානයේ ගොවි ජනතාවගේ එළවළු වගාවන් කිසිදු පොහොර වර්ගයක් හෝ බෙහෙත් වර්ගයක් නොමැතිකමින් විනාශවී තිබේ. මේ නිසා එළවළු වගාවේ නියුතු ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

හාලිඇල කැරුකුදේගම ගම්මානයේ බෝංචි, තක්කාලි අමුමිරිස්, ගෝවා සහ බටු වගාවන් මෙසේ කිසිදු පොහොර වර්ගයක් හෝ බෙහෙත් වර්ගයක් නොමැතිකමින් විනාශ වෙමින් තිබේ.

ඇමැතිතුමා කෝ..? අක්කර 250 ක එළවළු විනාශ වෙද්දී බෝංචි, තක්කාලි, ගෝවා, අමුමිරිස් සියල්ල විනාශ වෙලා

ශ‍්‍රී ලංකාවේ ආදර්ශමත්ම ගොවි ගම්මානය ලෙස 1979 වර්ෂයේ පිදුම් ලැබූ හාලිඇල කුරුකුදේගම ගම්මානයේ ගොවි ජනතාව අක්කර දෙසිය පනහක පමණ සෑම වර්ෂයකදීම වගා කන්න දෙකක් එළවළු වගාවේ නිරත වෙති.

කිසිඳු රසායනික පොහොර වර්ගයක් හෝ බෙහෙත් වර්ගයක් නොමැතිවීම නිසා මෙවර කන්නයේදී කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව හුරුකරලීමේ අරමුණින් ඔවුන්ට කාබනික පොහොර නිපදවමින් වගා කිරීමට ලබාදුන් උපදෙස් අනුව නිපදවනු ලැබූ කාබනික පොහොර භාවිතයෙන් මෙසේ එළවළු වගා කර තිබේ.

නමුත් එසේ වගා කළ එළවළු වගාවන් මේ වන විට විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවීම නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින අතර අස්වනු ලබා ගැනීමට නොහැකි තත්වයකට පත්වී ඇත.

ඇමැතිතුමා කෝ..? අක්කර 250 ක එළවළු විනාශ වෙද්දී බෝංචි, තක්කාලි, ගෝවා, අමුමිරිස් සියල්ල විනාශ වෙලා

අස්වනු ඉතාමත්ම අඩුවී තිබෙන විවිධ ලෙඩ රෝගවලට ලක්වීම නිසා නරක්වී තිබීම හේතුවෙන් අලෙවි කර ගැනීමට පවා නොහැකිවී ඇතැයි ගොවි ජනතාව කියති.

මෙම තත්වය මත මේ වන විට තම ආර්ථිකය කඩා වැටීම නිසා තම දරුවන් නඩත්තු කිරීමට පවා නොහැකිවී ඇතැයි ගොවීහු කියති.

මේ පිළිබදව සිදුකළ සොයා බැලීමේදී හාලිඇල කුරුකුදේගම ගම්මානයේ ගොවි ජනතාව මෙසේ පැවසූහ.

ආර්. එම්. ශාන්ත කුමාර රණවීර මහතා :-

පසුගිය කාලයේ හිටි හැටියේම බෙහෙත් පොහොර ගෙන්වීම නතර කළා. රජයේ උපදෙස් අනුව අනුව කෘෂිකර්ම නිලධාරීන් අපට කිව්වා කාබනික පොහොර හදලා වගා කටයුතු සිදු කරන්න කියලා. අපිත් ඒ උපදෙස් අනුව කාබනික පොහොර හදලා වගා කළා. වගාව සාර්ථකව නොහැදුනත් හැදුනු වගාවල අස්වනු හට ගන්නා කාලයේදී මෙම වගාවලට විවිධ ලෙඩ රෝග බෝවුණා. නමුත් ඒවට යොදන්න කිසිදු බෙහෙත් වර්ගයක් නොමැතිවීමෙන් මේ වන විට අපේ බෝග වගාවන් සියල්ලම විනාශ වෙමින් යනවා.

ඇමැතිතුමා කෝ..? අක්කර 250 ක එළවළු විනාශ වෙද්දී බෝංචි, තක්කාලි, ගෝවා, අමුමිරිස් සියල්ල විනාශ වෙලා

අපි මෙම වගාවන් සිදු කිරීම සඳහා විශාල මුදලක් වැය කළා. නමුත් මේ වන විට වගාවන් විනාශවීම නිසා වැය කළ මුදලවත් සොයා ගැනීමට නොහැකිවෙලා. ඉතින් අපි කොහොමද අපේ දරුපවුල් නඩත්තු කරන්නේ. කාබනික පොහොර හැදුවොත් ඒ සඳහා මුදල් ලබා දෙනවා කිව්වා. කාබනික පොහොර යොදල වගා හානි වුනොත් වන්දි මුදල් ලබා දෙනවා කිව්වා. නමුත් අද වෙනතුරු වන්දිත් නෑ නිලධාරීන් ආවෙත් නෑ.

ඩබ්. බී. එම්. පත්මසිරි මහතා :-

අපි වගා කළ බෝංචි, තක්කාලි, ගෝවා, අමුමිරිස් වැනි වගාවන් සියල්ල විනාශ වෙලා. අමාරුවෙන් වවා ගත් එළවළු වගාවල අස්වනු විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවීම නිසා විනාශවෙලා. මගේ බෝංචි වගාවත් අමුමිරිස් වගාවත් සියල්ලම විනාශවෙලා. බෝංචි කරල් පණුවන් විදලා කුරුවෙලා ඉතින් ඒවා විකුණා ගැනීමට නොහැකියි. අපි එම අස්වනු වගා බිම්වලම විනාශවීමට ඉඩ හැර තියෙනවා.

ආර්. එම්. ධර්මසේන මහතා :-

රජය මගින් එක්වරම රසායනික පොහොර නතර කිරීමත් සමග අපි විශාල කරදරයකට පත්වුණා. රසායනික පොහොර නොමැති වුනත් රජයේ උපදෙස් අනුව අපි ඉතා අමාරුවෙන් එළවළු වගාවන් සිදු කළා. මමත් අක්කර ගානක තත්කාලි වගාවක් සිදු කළා. අස්වනු හට ගන්නා කාලයේදී විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වුනා. දැන් අපිට කරකියාගත යුතු දෙයක් නෑ.

තම එළවලූ වගාවන් විනාශවීම නිසා හාලිඇල කුරුකුදේගම ගොවි ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිති. කාබනික පොහොර යොදා වගා කිරීමේදී අස්වනු අඩුවුවහොත් රජය මගින් වන්දි ලබාදෙන බව පැවසුවද මේ වන විට මෙම වගාවන් නිරීක්ෂණය කිරීම සඳහා කිසිදු නිලධාරියෙකු හෝ මෙතෙක් පැමිණ නැතැයි ගොවි ජනතාව චෝදනා කරති. එම නිසා දැඩි සේ පාඩු ලබන තම වගාවන් සඳහා වන්දි මුදල් හෝ ලබාදීමට කටයුතු කරන්නයි ප‍්‍රදේශයේ ගොවි ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල

advertistmentadvertistment
advertistmentadvertistment