ඇමැතිනි සුදර්ශනි පුතුගේ මංගල සාදයත් නවත්වයි ආගමික චාරිත‍්‍ර පමණයි

1419

කොරෝනා වසංගත තත්ත්වය රටේ පැතිර යෑම වේගවත් බව තේරුම් ගෙන රටේ වගකිවයුතු පුරවැසියකු ලෙස තම පුත‍්‍රයාගේ මංගල උත්සවය ආගමානුකූල චාරිත‍්‍රවලට සීමාකර මංගල සාදය අවලංගු කිරීමට කටයුතු කළ බව කොවිඞ් පාලන හා ප‍්‍රාථමික සෞඛ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (12 දා* පැවසුවාය.

 රටේ ඩෙල්ටා ප‍්‍රභේදය ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින හෙයින් තම දරුවාගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙන මොහොතේත් රටේ පවතින තත්ත්වය ගැන මනා අවබෝධයක් පවතින නිසා කොවිඞ් කමිටුව හමුවේ ද තමා මංගල උත්සව සඳහා පනවා ඇති 150 ක සීමාව 50 ක් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඇය කීවාය.

 හිටපු ඇමැතිවරයකු වූ දිවංගත ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතාගේ සහ ඇමැතිනි සුදර්ශනී ප‍්‍ර‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුත් නීති ශිෂ්‍ය ධානුක ප‍්‍රනාන්දුපුල්ලේ සහ ලියොනිතා රිශ්මි ප‍්‍රනාන්දුපුල්ලේ අතර විවාහය හා උත්සවය කොළඹ ෂ‍්‍රැන්ග‍්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

 පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ මංගල උත්සවය පැවැත්විය හැකි පරිසරයක් රට තුළ නොමැති නිසා දෙපාර්ශ්වයේම එකඟතාවය මත වැල්ලවත්ත දේවස්ථානයකදී ආගමික චාරිත‍්‍රානුකූලව විවාහ ගිවිස ගැනීමට කටයුතු කර තිබේ. එම අවස්ථාවට ද ඉතාම සුළු පිරිසක් සහභාගි කර ගැනීමට කටයුතු කර ඇත.

සමන් ගමගේ, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment