ඇමැතිලා අඩුකර රාජ්‍ය වියදම කපාහරින්න

272

රට වැටී ඇති අර්බුදයෙන් ගොඩඒමට කළ යුත්තේ ජාතික ආණ්ඩු හැදීම නොව ඇමැති මණ්ඩලය අඩු කර රාජ්‍ය වියදම් කපාහැරීම බව හිටපු ජනාධිපති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පසුගියදා ඇමැතිවරු දෙදෙනකු ඇමැත ධුරවලින් අයින් කළ සැණින් නැවත ඒ සඳහා ඇමැතිවරුන් පත් කරීම කළ යුතුව තිබූ දෙයක් නොවන බවත් පවසන ඒ මහතා රාජ්‍ය වියදම් කපාහැරීමේදී කළ යුත්තේ තවත් ඇමැති ධුර අඩුකිරීම බවද සඳහන් කළේය.

අද සමහර අමාත්‍යාංශවලට රාජ්‍ය ඇමැතිවරු තුන්දෙනා සහ හතරදෙනා ඉන්නවා ඔවුන්ගේ කඹ ඇදිල්ල නිසා රටට ජනතාවට ඉටුවිය යුතු සේවාවන් නිසියාකාරව ඉටුවන්නේ නැහැ යැයි ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

එම නිසා රටේ දැවෙන ප‍්‍රශ්නවලට ක්‍ෂණික විසඳුම් සෙවීම සඳහා පක්ෂ 11 ක යෝජනා 19 ක් ආණ්ඩුවට ඉදිරිපත් කර තිබෙන බවත් ඒවා ක‍්‍රියාවට නංවන්නේ නම් කොන්දේසි විරහිතව රජයට සහයෝගය ලබා දෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment