ඇමැති අලි සබ්රි 24දා  මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරයි

139

නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සැසිවාරය අද (20දා) ආරම්භ වේ. එය මෙම මස 26 වැනිදා දක්වා පැවැත්වේ. මෙම සැසිවාරය අතරතුර ලබන 24දා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.

ඊට අමතරව විදේශ අමාත්‍යවරයා ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, චීනයේ සහ 77 වැනි කණ්ඩායමේ සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම, ගෝලීය සංවර්ධන මුල පිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අමාත්‍ය රැස්වීම වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීම් කිහිපයක් ද ඇමතීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ ද ඇමැති අලි සබ්රි මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. ඊට අමතරව නිව්යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම මට්ටමේ නිලධාරීන් හමුවනු ඇත. නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ නිව්යෝර්ක් හි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා දූත පිරිසට එක්ව සිටිති.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment