ඇමැති ආරක්ෂක රියැදුරු ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට

509


බලශක්ති ඇමැති ගාමිනී ලොකුගේ මහතාගේ ආරක්ෂක රියැදුරු වන මාවිත්තර ගම්මාන වත්තේ පදිංචිව සිටි කණිෂ්ක ගයාන් නැමැති දෙදරු පියා ඝාතනයට ලක්කළ ප‍්‍රධාන සැකකරු අද කලුබෝවිල රෝහලට ඇතුළත්ව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම රියැදුරු ඊයේ රාත‍්‍රී ඝාතනයට ලක්විය.තම නිවස ඉදිරිපිට පටු මාර්ගයේ ශබ්ධ නගමින් යතුරු පැදියක් ධාවනය කළ තරුණයකුට එසේ නොකරන ලෙස පැවසීම සම්බන්ධව උරණවී ඇතිවූ ගැටුමකින් මෙම ආරක්ෂක රියැදුරුගේ මරණය සිදුව ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment