ඇමැති එපා කියද්දී පුටුව අත් නොහරින සතුන් වත්තේ නෝනා

906

සතුන් වත්තේ ගැටුම තවමත් විසඳී නැත. එය විවිධ මුහුණුවරින් නැවත නැවතත් ර`ගදක්වමින් ඇත. එහි අලූත්ම රංගනය කරළියට පැමිණ ඇත්තේ සත්වෝද්‍යාන පොර්තමේන්තවේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය හා වන ජීවී රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඉකුත් දිනක හටගත් ගැටුමක් ලෙසින්ය. අධ්‍යක්‍ෂ ජනරාල්වරියට සේවයට වාර්තා නොකර සිටින ලෙස වනජීවී රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම උද්ගතව ඇති ගැටලූව නිර්මාණය වීම පිණිස නිමිත්ත බවට පත්ව ඇත.

හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ සහ ඇයට හිතවත් සත්වෝiාන සේවක පිරිසකගේ අත්තනෝමතික ක‍්‍රියා හේතුවෙන් පණ අදිමින් පැවති සතුන්වත්ත නැවත හොඳ තත්ත්වයකට පත් කිරීම පිණිස එහි වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වන නීතිඥ ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය මහත් වෙහෙසක් ගන්නා ලදි. එහිදී දැඩි තීන්දු තීරණ ගැනීමට පවා ඇයට සිදුවූ අතර ඒ හේතුවෙන් සතුන් වත්ත තුළ ක‍්‍රියාත්මක එක්තරා වෘත්තීය සමිති සාමාජිකයන් පිරිසකගේ උදහසට ඇය ලක්වන්නීය. සාමාජිකයන් සියයකට ආසන්න සේවක පිරිසකගෙන් සමන්විත එම වෘත්තීය සමිතිය හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ රාජකාරි කාලය තුළ සතුන් වත්ත තුළ නොනිල පාලනයක් ගෙන ගිය අතර පරිපාලන කටයුතුවලට පවා මැදිහත් වූ බව නොරහසක්ය. ඒ හේතුවෙන් දුර්ලභ පක්‍ෂීන් පවා අස්ථානගතවූ සිදුවීම් ආදියද එකල සතුන් වත්තෙන් වාර්තා විය. යම් යම් මූල්‍ය අක‍්‍රමිකතාවයන් සිදුවූ බවට තොරතුරු වාර්තා විය. ඒ පිළිබඳව පොලිස් පරීක්‍ෂණ ආදිය දැනටමත් සිදුවෙමින් ඇත. වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය එම කටයුතුවලට දැඩි ලෙස විරුද්ධවීමත් සිදුව ඇති අක‍්‍රමිකතා පිළිබඳ දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්‍ෂණ ආරම්භ කරන ලෙසත් ඇය විසින් ඉල්ලා සිටීමත් හේතුවෙන් එක්තරා වෘත්තීය සමිතියක උදහසට ලක්වන ඇය දිගින් දිගටම එම අර්බුදකාරී තත්ත්වයන්් හමුවේ පවා සතුන් වත්ත යහපත් තැනක් බවට පත් කිරීමේ අභියෝගයට මුහුණ දුන්නාය. ඇයට විරුද්ධව විරෝධතා පවා සතුන් වත්ත තුළ ක‍්‍රියාත්මක වට පිටාවක ඇය තම රාජකාරි වගීකීම පැහැර නොහැරියාය.

මේ අතර සත්වෝiාන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති විවිධ දුෂණ හා අක‍්‍රමිකතා සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් මේ දිනවල පරීක්‍ෂණයක් සිදු කරමින් ඇත. එම පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක් අධ්‍යක්‍ෂ ජනරාල්වරියට සේවයට වාර්තා නොකර සිටින ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දීමක් කරන අතර අධ්‍යක්‍ෂ ජනරාල්වරිය එම නියෝගයට අවනත නොවී සේවයට වාර්තා කරීම හේතුවෙන් යළිත් සතුන් වත්ත තුළ නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත. ඒ සම්බන්ධව ඉකුත් දිනක මාධ්‍යයට අදහස් දක්වමින් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ අනුදැනුම මත තමන් නැවත සේවයට වාර්තා කළ බවය. සේවයට වාර්තා නොකර සිටින ලෙස කිසිවෙකු විසින් තමන්ට දැනුම් නොදුන් බවද එහිදී අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් වඩිදුටත් සඳහන් කර ඇත.

සතුන් වත්ත තුළ ඉකුත් සමයේ සිදුවූ සොරකම් කීපයක් පිළිබඳවත් අනපේක්‍ෂිත ආකාරයෙන් සිදුවූ සත්ව මරණ කීපයක් පිළිබඳවත් තමා කළ පැමිණිලිවලට අනුව දැනටමත් පරීක්‍ෂණ තුනක් පමණ ක‍්‍රියාත්මක බවත් සඳහන් කළ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය එහිදී අවධාරණය කර සිටියේ එම පරීක්‍ෂණවල ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී සත්‍ය හෙළිවීමට නියමිත බවයි.

දුෂණ වංචා ආදියෙන් පිරී පැවති රාජ්‍ය ආයතනයක් යහපත් තැනක් බවට පත්කිරීමට ක‍්‍රියා කළ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එරෙහිව විවිධ කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වන බවත් එමගින් නැවත එහි පරිපාලනය අවුල් කොට තම තමන්ගේ පාලනය ක‍්‍රියාත්මක කිරීමට ඇතැමුන්ට අවශ්‍යතාවයක් පවතින බවත් මේ සම්බන්ධව මධ්‍යස්ථ මත දරන සත්වෝiාන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ මතය බවට පත්ව ඇත. ඔවුන් සඳහන් කර සිටින්නේ වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව කිසිදු අක‍්‍රමිකතාවයක් ජාතික සතුන් වත්තෙන් වාර්තා නොවූ බවත්ය.

එසේ නම් කළ යුතුව ඇත්තේ එවැනි නිලධාරිනියකගේ රාජකාරියට සහයෝගය ලබාදීමද? දිගින් දිගටම බාධා සිදු කරමින් එහි පරිපාලනය අවුලෙන් අවුලට පත් කිරීමද? යන්න පිළිබඳව බලධාරීන් සිහි බුද්ධියෙන් යුතුව කල්පනා කර බැලීමය.



 x රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment