ඇමැති ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති සමග සාකච්ඡා අරඹයි

95

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (07දා) ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා හමුවිය. නවදිල්ලි නුවර පිහිටි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම ද්විපාර්ශ්වික සාකච්ඡුාව පැවතිණිි.

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සමග ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ නවදිල්ලි නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා විය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ් වර්ධන ශ‍්‍රින්ග්ලා, ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එම හමුවට එක්ව සිටි බව සඳහන් විය.

මෙම හමුව පිළිබ`දව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සමග සමඟ ඵලදායී සාකච්ඡුාවක් පැවැත්වූ බවය.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment