ඇමැති ධුර ගත් ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන තීරණය මෛත්‍රීගේ අතට

100

රජයේ ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් ගැන ඉදිරි පියවර ගැනීමේ බලය පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැවරූ බව එහි මාධ්‍ය ප්‍රකාශක වීරසුමන දිසානායක මහතා ‘දිවයින’ ට ඊයේ (06 දා) පැවසීය.

පෙරේදා (05 දා) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබඳව ඒකමතිකව තීරණයකට පැමිණි බව ද ඒ මහතා සඳහන් කළේය.

පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඇමැති ධුර ලබාගත් මන්ත්‍රීන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, ඔවුන්ට එරෙහිව ඉදිරි කටයුතු කළ යුතු ආකාරය සහ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර පක්‍ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී තීරණය කරණු ඇති බවත් වීරකුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර සහ අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment