ඇමැති ධුර නොගෙනම පලනිලා ආණ්ඩුවට

196

කිසිදු ඇමැති තනතුරක් භාර නොගනිමින් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නව ජනාධිපතිවරයාට සහාය ලබාදීමට තම පක්‍ෂය තීරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරම් මහතා ‘දිවයින’ට ඊයේ (12දා) සඳහන් කළේය.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටින සිය පක්‍ෂයේ නායක, මනෝ ගනේෂන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනාම ඒකමතිකව මෙම තීරණයට එළැඹි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවීම සඳහා සහාය ලබා දුන්න ද වසරක කාලයකට පසු මහ මැතිවරණයකට යා යුතු බවට සිය පක්‍ෂය ජනාධිපතිවරයාට අවධාරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන ශ්‍රී ලංකාවේ ජනතාව මත අමතර බරක් පැටවෙන නිසා මේ මොහොතේ නව රජයක තනතුරු භාර නොගෙන සිටීමට තීරණය කළත් රජයේ ගමන් මග සහ තමන්ට ලබාදෙන පොරොන්දු පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment