ඇමැති නිමල් සිරිපාලට අල්ලස් කොමිසම දුන් තීන්දුව

551


ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවකු වූ ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට චෝදනා කරමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල ප්‍රමාණවත් සාක්ෂි නොමැති කමින් ඉවත දමන බව එම කොමිසම දැනුම්දී ඇත.
කොළඹ මාලිගාවත්ත පටුමග හි පදිංචි එස්.එම්.නිෂාන් මව්ලානා නැමැති පුද්ගලයෙක් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙත ගොනු කළ ලිඛිත පැමිණිල්ලක් විභාග කරමින් කොමිසම මෙම තීරණය දැනුම්දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment