ඇමැති පත්කිරීම්වලට චෝදනා නොකර විපක්‍ෂයත් ආණ්ඩු කරන්න එන්න

88

රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම පිළිබඳව චෝදනා නොකර විපක්‍ෂය කළ යුත්තේ ආණ්ඩුවට පැමිණ ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කරගැනීම බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවසීය.

කුමන ආණ්ඩුවක් වුවද කටයුතු කරද්දී විපක්‍ෂය චෝදනා එල්ල කිරීම සම්ප්‍රදායී දෙයක් බවත්, එහෙත් මේ මොහොතේ රට ගොඩ ගන්න සියලු දෙනා එකතු වී ක්‍රියාකළ යුතු බවත් ඔහු කීවේය. චෝදනා එල්ල කරනවා වෙනුවට ආණ්ඩුවට එකතුවී යෝජනා ඉදිරිපත් කිරීම විපක්ෂයේ වගකීම බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන්ට වෙනදා මෙන් වැඩි වරප්‍රසාද හිමි නොවන බවත් සියලු දෙනාටම ලැබෙනුයේ මන්ත්‍රී වැටුප බවත් කී ඇමැතිවරයා සර්වපාක්‍ෂික ආණ්ඩුවක් හැදීමට අකමැති වී ආණ්ඩුව ගන්නා තීරණවලට චෝදනා එල්ල කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු කීවේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment