ඇමැති පුටු 6ක මාරුවක්

435

කැබිනට් ඇමැතිවරුන් හය දෙනකුගේ අමාත්‍යාංශ වෙනස් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (16 දා) වත්මන් රජයේ පළමු කැබිනට් සංශෝධනය සිදුකළේය.

ඇමැති පුටු 6ක මාරුවක්

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට විදේශ අමාත්‍ය ධුරය හිමිවිය. විදේශ අමාත්‍ය ධුරය දැරූ දිනේ්ෂ් ගුණවර්ධන මහතාට අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදී ඇත. සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ප‍්‍රවාහන අමාත්‍ය ධුරයද, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහළිය රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරයද හිමිව ඇත.

ප‍්‍රවාහන අමාත්‍ය ධුරය දැරූ ගාමිණී ලොකුගේ මහතාට විදුලිබල අමාත්‍යාංශය හිමිව ඇති අතර විදුලිබල අමාත්‍ය ධුරය දැරූ ඩලස් අලහප්පෙරුම මහතාට ජනමාධ්‍ය අමාත්‍ය ධුරය පවරා තිබේ.

මේ අතර කී‍්‍රඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට එම අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය ධුරයද ලබාදී ඇත.

නව අමාත්‍යවරු ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment