ඇමැති පොහොර ගැන මහින්ද හොයයි

2929


කලහකාරී පිරිස් විසින් දේශපාලඥයින් රැසකගේ නිවාස ගිනිබත් කල අවස්ථාවෙ එම ඇතැම් නිවාසවල තිබී යූරියා පොහොර මිටි විශාල වශයෙන් හමුවූ බවට ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වූ තොරතුරු සම්බන්ධව වහාම පරීක්ෂනයක් සිදු කිරීමට කෘෂිකර්මල වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

විශේෂයෙන් මෙම රසායනික පොහොර ගොවීන් හට සහනාධාර වශයෙන් ලබාදී තිබූ පොහොර දල එසේ නොමැතිනම් වර්තමානයේ පවතින මිල ගණන් යටතේ ඔවුන් විසින් පෞද්ගලික වෙළඳුන්ගෙන් මිලදී ගත් පොහොර ද එසේත් නොමැතිනම් පොහොර ලේකම් කාර්යාලයෙන් මීට පෙර නිකුත් කරන ලද පොහොර තොගද යන්න සම්බන්ධව පැහැදිලි වාර්තාවක් තමන්ට භාරදෙන ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ.

එමෙන්ම ගොවීන්ට ඔවුන්ගේ වගා‍වන් සඳහා රසායනික පොහොර නොමැති අවස්ථාවක ඇතැම් දේශපාලඥයින් ඔවුන්ගේ නිවාසවල පොහොර ගබඩා කර තිබීම සම්බන්ධයෙන් තමන් ද විමතියට පත්වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වාර්තා ලැබීමෙන් පසුව එම ගිනිගත් නිවාසවල තිබී හමුවූ පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment