ඇමැති බන්දුලට බැන්නාට ආරක්ෂකගේ වැඩ තහනම්

1913

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කතරගම සතොස වෙළද සංකීිර්ණයේ දී කාන්තාවක් විසින් බැන වැදිම සම්බන්දයෙන් කතරගම සතොසේ සේවය කල ආරක්ෂක නිළධාරියා ගේ වැඩ තහනමට ලක් කර තිබේ.

ඉකුත් (30) වැනි දින අමාතයවරයා කතරගම සංචාරය කල අවස්ථාවේ දීි කතරගම සතොස වෙත පැමිණි අතර එහි දී භාණ්ඩ මිල දි ගැනීමට පැමිණි කාන්තාවක් විසින් අමාත්‍ය වරයාට දෙස් නගා පැවසුවේ මිනිස්සුන්ට ගන්න හාල් වත් නැහැ මාධ්‍ය වෙත පවසන කිසිවක් සතොස මගින් මිල දී ගැනීමට නොහැකි බව පවසා බැන වදින ලදී.

මෙම අවස්ථාවෙි දී අමාත්‍ය වරයාගේ ආරක්ෂක නිළධාරින් ද සිටි අතර මෙම සිදුවීම වුයේ සතොස ඉදිරිපිට බව සේවයෙන් ඉවත් කල කතරගම පදිංචිී ඒචි එම් කසුන් ආරක්ෂ නිළධාරියා පැවසිය.

මෙම සිදුවීමෙන් පසුව තමන්ගේ වසර ගණනාවක් පුරා සිදු කල සේවය ඉවත් කල බව සතොස පරිපාලන අංශයෙන් දැණුවත් කල බවත් අදාළ ලිපිය එවා ඇති බව කතරගම සතොස ආරක්ෂක ඒචි එම් කසුන් නිළධාරියා පැවසිය.

advertistmentadvertistment
advertistmentadvertistment