ඇමැති බැසිල්ට එරෙහි ජී. අයි. බට නඩුව කල් යයි

145

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රනවක මහතාට එරෙහිව පවරා ඇති ජී. අයි. බට නඩුව ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්‍ෂ 365ක් වැය කර 2015 ජනාධිපතිවරණය සමයේදී මිලදී ගත් ජී. අයි. බට 600ක් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ අරමුණින් පළාත් පාලන ආයතන වෙත බෙදාහැරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි. විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි නොමැති බවට සලකා පැමිණිල්ලේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් එම අධිචෝදනාවලින් මුදාහරින ලෙසට විත්තියේ නීතිඥවරුන් කර ඇති ඉල්ලීම සලකාබලා නීතිපතිවරයාගේ නිගමනය ඊයේ (01 දා* අධි්කරණයට දැනුම් දෙන බව පෙර නඩු දිනයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙර නඩු දිනයේදී අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment