ඇමැති බැසිල් ඉන්දීය මුදල් ඇමැති හමුවෙයි

307

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (01දා)පස්වරුවේ ඉන්දීය මුදල් හා ආයතනය කටයුතු පිළිබඳ ඇමැති නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවිය.

නවදිල්ලි නුවරදී පැවැති මෙම හමුවේ දී දෙරටේ ආර්ථික සහයෝගිතාව සම්බන්ධ කරුණු රැුසක් පිළිබඳ සාකච්ඡුා පවත්වා ඇත.

ඉන්දීය රජය ආර්ථික සහයෝගීතා වැඩසටහන් තුළින් ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳ මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය මුදල් අමාත්‍යවරිය ස්තුතිය පළ කර තිබේ.

දෙරයේ ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡුා කර ඇති අතර මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (02 වැනිදා) පස්වරුවේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment