ඇමැති විජයදාස ඩයනා එළියට දමයි

2417

මේ ගොල්ලො රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ….
පරක්කුවෙලා ඇවිත් තව කියවන්නත් එනවා
ඩයනා චන්දිමට කියයි
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාව

මෙම කාරක සභාව පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස්විය. එහිදී හිටපු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා අදහස් දැක්වීමට පටන් ගැනීමත් සමඟ එයට එරෙහිව ඩයනා ගමගේ මහත්මිය ද අදහස් ප්‍රකාශ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. එහිදී සභාපතිවරයා විසින් ගමගේ මහත්මිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම කාරක සභාවට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගිවී ඇත. මේ ගොල්ලො රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. පරක්කු වෙලා ඇවිල්ල තව කියවන්නත් එනවා” යැයි කියමින් ඩයනා රාජ්‍ය ඇමැතිවරිය චන්දිම වීරක්කොඩි මහතාට දෝෂාරෝපණය කර ඇත.

එහිදී සභාවේ සභාපති විජයදාස රාජපක්‍ෂ මහතා මෙම සභාව වැදගත් සභාවක් බවත් සභාවේ විනය ආරක්‍ෂා කරමින් චන්දිම වීරක්කොඩි මහතාට සිය කථාව කරගෙන යෑමට අවස්ථාව දෙන ලෙසත් ඩයනා ගමගේ මහත්මියගෙන් ඉල්ලා ඇත. මූලාසනයේ අණ නොතකා ඇය දිගින් දිගට ම අදහස් දැක්වීම නිසා වහාම සභාවෙන් පිටතට යන ලෙසට නියෝග කර ඇයව කාරක සභාවෙන් පිටපතට යැවීමට කටයුතු කර ඇතැයි කාරක සභා ආරංචි මාර්ග පැවසීය.

මෙම කාරක සභාවට ඇමැති රමේෂ් පතිරණ, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය චරිත හේරත්, සීතා අරඹෙපොල ඇතුළු කිහිපදෙනෙකු සහභාගී වී සිට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment