ඇමැති වීරසේකර කියන්නේ බොරු

206

පොලිස් නිලධාරියෙක් කි‍්‍රකට් ආයතනයෙනුත් රු. 150000 ක් පඩි අරන්!
සාදියා බුද්ධි අංශයේ අය දැකලා නැද්ද…

පොලිසියේ ඉන්න අයකුට වෙනත් තැනක සේවය කිරීමට නොහැකි වුවත් කොළඹ දිස්ති‍්‍රක්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක ඉහළ වැටුපක් ලබමින් ආරක්ෂක උපදේශක තනතුරක් දැරූ බවට තොරතුරු තමා සතුව ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා (සජබ) පෙරේදා (11 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් මන්තී‍්‍රවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් කතා කළ මන්තී‍්‍රවරයා මෙසේ ද කීය.

සරත් වීරසේකර ඇමැතිවරයා මට බොරු චෝදනා නැගුවා. ඔහු කිව්වා පොලිසියට බයේ දෙපාරක් මා රෝහල්ගත වුණා කියලා. ශල්‍යකර්ම දෙකක් කළා. සී. අයි. ඞී. යට බයේ ගියේ නැහැ. දෙවියන්ට ස්තුති වෙනවා මට හොඳ ශරීර සෞඛ්‍යයක් ලබාදීම ගැන.

අපි ප‍්‍රශ්න කිහිපයක් ආණ්ඩුවෙන් ඇහුවා. නමුත් අද අහපු ප‍්‍රශ්නවලට උත්තර දුන්නෙ නැහැ. අපි ඇහුවා ගැලනිගමින් ලොරි දෙකක් ආවා. ඒ ලොරි දෙක නිදහස් කළා. පොලිසියේ උසස් නිලධාරියෙක් කතා කරලා කවුද ඒ උසස් නිලධාරියා. නම් කිව්වේ නැහැ.

ඇමැතිවරයා කියනවා විසිතුරු මාළු ගැලනිගමින් ඇල්ලූවාලූ. මාළුන්ගේ ඔක්සිජන් මදිවන නිසා නිදහස් කළාලූ. කාටද මේ කතා කියන්නේ. ලොරි දෙකේ අයිතිකාරයාගෙ නම කියන්න මේ ප‍්‍රශ්න කිව්වහම අපිට කියනවා එළියට ගිහිල්ලා කියන්න කියලා. මම පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට යට වෙලා කියනවාලූ. සුරේස් සලේ ගැන ඇමැතිවරයා කියනවා. මම නම් කිව්වෙ නැහැ. තොප්පිය හරි නම් දාගන්න.

මාළු මාළු හෝටලයට පොලිසියේ නිලධාරියා ගියේ නෑලූ. පොලිසියේ කොළඹ භාරව සිටි මේ ඉහළ නිලධාරියා නිවාඩු ගියාලූ 21 වැනිදා. බෝම්බයක් පත්තු වෙන දවසක නිවාඩු ගන්නෙ කොහොමද?

තව බොරුවක් කිව්වා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පොලිසියේ එතුමා කිසිම තනතුරක් දරන්නේ නැහැ කියලා. පඩිය එක්ලක්ෂ පනස්දහසක් අරන් ඔහු කි‍්‍රකට් ආයතනයේ සේවය කර තිබෙනවා. ඊට අදාළව මට ලැබුණු තොරතුරු සභාගත කරනවා. පොලිසියේ ඉන්න නිලධාරියකුට තවත් තැනක ආරක්ෂක උපදේශක වෙන්න පුළුවන් ද ඇමැතිවරයා මේ තොරතුරු නෑ කිව්වා.

සාදියාගේ ප‍්‍රකාශය දුන් හඬපටය අහලා තියෙනවා. මට ඒ දැන් තියෙන තැන කියන්න බැහැ. එහි තියෙනවා කියූ ප‍්‍රකාශය පාස්කු කොමිසමටත් කියා කියවනවා. කොමිසමේ සියලූ වාර්තා සභාගත කරන්න. එවිට කිසිම ප‍්‍රශ්නයක් නැහැ.

අගමැතිතුමා දළදා මාලිගාව ළඟදී කිව්වේ නැද්ද සහරාන්ට බුද්ධි අංශයේ පඩි ගෙව්වා කියලා. එතකොට සාදියා දැකලා නැද්ද බුද්ධි අංශයේ අය. දැකලා ඇති. සරත් වීරසේකර මහත්තයෝ මම එළියට ඇවිල්ලා කතා කරන්නම්. ඕන නම් නඩු දාන්න. ඔබ තුමයි මමයි ප‍්‍රසිද්ධ වේදිකාවේ විවාදයකට එමු ඇවිත් මගේ කටින් වැරදි කතාවක් කියුවණොත් මාව හිරේ දාන්න. මම සූදානම් විවෘතව කතා කරමු.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment