ඇමැති 200 කින් බස්සන බව කිව්වත් කිරිපිටි මිල අඩු කිරීම ගැන අවසන් තීරණයක් නෑ

59

කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය

වෙළෙඳ අමාත්‍යවරයා කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් අඩුකරන බව පැවසුවද කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

කිරිපිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කර අවසන් තීරණය අද (15 වැනිදා) හෝ හෙට (16 වැනිදා) ප්‍රකාශයට පත්කරන බව එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක් බණ්ඩාර මහතා ‘දිවයින’ ට පැවැසීය.

කිරිපිටි මිල අඩු කරන ගණන සහ ඒ කවදා සිටද යන්න ගැන අද හෝ හෙට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන බවද ඒ මහතා කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ අශෝක් බණ්ඩාර මහතා මෙසේද පැවැසීය.

වෙළෙද ඇමැතිතුමා කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින් අඩුකරන බව කිව්වේ සද්භාවයෙන්. කොහොම වුණත් ලෝක වෙළෙදපොළේ කිරිපිටි මිල යළි ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදෙන්න සිතුවා. ඒ ගැන අපි අද සාකච්ඡා කරනවා. කොවිඩ් සමඟ අපේ වෙළෙඳපොළ කඩා වැටුණා. ප්‍රශ්න මැද ආපු ගමනක් වුවත් පාරිභෝගිකයන් වෙනුවෙන් සහනයක් ලබාදීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment