ඇමෙරිකානු ජනපති  පාපැදියෙන් ඇද වැටේ

425

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා රෙහොබෝත් වෙරළ තීරයේ පිහිටි සිය නිවාඩු නිවහන වෙත පාපැදියකින් ගමන් කරන අතර ඇදවැටී ඇත.

 ඉකුත් සති අන්තයේ සිය බිරිඳ සමඟ ඔවුනගේ 45 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා ඩෙලවෙයාර්හි කේප් හෙන්ලොවන් ප්‍රාන්ත උද්‍යානයේ පිහිටි නිවාඩු නිකේතනයට ගොස් ඇත.

 ජනාධිපතිවරයා මෙලෙස පාපැදියෙන් ඇද වැටී ඇත්තේ මාධ්‍යවේදීන් සහ නරඹන්නන් පිරිසක් ඉදිරියේ බැස ඔවුන් වෙතට යෑමට උත්සාහ කිරීමේදීය.

 මෙම අනතුරින් ජනාධිපතිවරයාට කිසිදු අනතුරක් සිදුව නැති බවත්, ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය නොවන බවත් ධවල මන්දිරය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment