ඇමෙරිකානු තානාපතිනියට නොපෙනුනු ඝාතකයන්ට ජනපති සමාව දීම

297

ශ‍්‍රී ලංකාවේ නීතිය අවභාවිත වී ඇතැයි චෝදනා කරන ඇමෙරිකානු තානාපතිනිය වියට්නාම් යුද්ධය සමයේ සිදු වූ අපරාධ ගැන නොදන්නේ නම් ඊට අදාළ ඉතිහාසය කියවිය යුතුය. වියට්නාමයේ මයිලායි ගම්මානයේ ගම්වැසියන් 27 ක් වෙඩි තබා ඝාතනය කළ ලූතිනන් කෙලී එම ඝාතනයට වරදකරුයි. වසර කීපයක් සිරදඬුවම් විඳීමෙන් පසු ජනපති සමාව ලබා නිදහස් විය.
 
 කීර්ති වර්ණකුලසූරිය
 
 
 කොටි මිනීමරුවන් 16ක් නිදහස් කිරීම වැරැද්දක් යැයි මෙරට ඇමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් පැවසූවේ නැත. ඒ වෙනුවට ඇය කියා සිටියේ කොටි අපරාධකරුවන් නිදහස් කිරීම සාදරයෙන් පිළිගන්නා බවයි. මේ බිහිසුණු අපරාධකරුවන්ව ඇමෙරිකානු තානාපතිනිය හඳුන්වනු ලැබුවේ ත‍්‍රස්ත මර්දන පනතේ සිරකරුවන් ලෙසිනි. ඇගේ ප‍්‍රකාශයට සමගාමීව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය, ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නැමැති රාජ්‍ය නොවන සංවිධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ දේශාපලන සිරකරුවන්ගේ සංවිධානය නමින් අටවාගෙන ඇති සංවිධානයේ ප‍්‍රධානී මාරිමුත්තු සතිවේල් පියනම ඇතුළු පිරිසක් ජනපති සමාව අභියෝගයට ලක් කරනු ලැබීය. එහෙත් මේ කිසිවෙක් අතීතය ගැන විමර්ශනය කළේද? හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන යටතේ මැරයකුට සහ දේශපාලකයකුට ජනපති සමාව හිමිවිය. ජනපති මෛත‍්‍රිපාල සිරිසේන රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට සමාව දීමට ක‍්‍රියා කළේය. එම අතීතය වසන් කළ ඉහත කී සංවිධාන දැන් සිටින ජනපති හිටපු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට සමාව දීම වැරැුද්දක් යැයි පෙන්නුම් කිරීමට ක‍්‍රියා කරන බව තහවුරු වී ඇත.

එසේ වූවත් ඇමෙරිකානු තානාපතිය සහ මෙරට සංවිධාන නිදහස ලැබූ කොටි දහසය දෙනා ගැන වචනයක්වත් පවසා නැත. රජය සමාව දුන්නේ අහිංසක ද්‍රවිඩයන්ට නොවේ. සමාව ලැබුණේ බිහිසුණු කොටි අපරාධකරුවන් බව ජනතාව සහ දේශපාලකයන්ද නොදනී. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කර ගුවන් යානා 16ක් විනාශකර හමුදාභටයන් 14 ක් ඝාතනය කළ අරවින්දන්ට සහ තබෝරූබන්ද නිදහස් විය. මොවුන් වැනසූ යානාවල වටිනාකම රුපියල් කෝටි 400 කි. එහෙත් එම අපරාධකරුවන්ට සමාව දීම ගැන කිසිදු සංවිධානයක් හෝ ඇමෙරිකානු තානාපනිය විසින් විරෝධය පෑවේ නැත.
 
 එහෙත් ඇය නීතිය අවභාවිත වී ඇති බවට පැවසූවේ හිටපු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ගැනය. එසේ වූවත් ඇමෙරිකානු ජනපතිවරු රැුසක් විවිධ අපරාධකළ වුන්ට ජනපති සමාව දී ඇත. ඇමෙරිකාවේ මුල්ම ජනපති ඒබ‍්‍රහම් ලින්කන්ද යුද අපරාධකරුවෙකි. එසේම ලින්කන්ට දකුණේ කැරලිකරුවන් මර්දනයට සහය වූ ජෙනරාල් ලීද යුද අපරාධකරුවකු බව සනාථ වී ඇත. එහෙත් ඇමෙරිකානු තානාපතනී ටෙප්ලිට්ස් සිතන්නේ මෙරට බහුතරයේ වැඩි දෙනා ඇමෙරිකානු ඉතිහාසය හෝ හිටපු ජනපතිවරුන්ගේ අතීතය නොදන්නා බවයි.
 

ඇමෙරිකානු තානාපතිනියට නොපෙනුනු ඝාතකයන්ට ජනපති සමාව දීම

මෙම ජනපතිවරු සමාව ලබාදුන් පිරිස අතරින් විවිධ අපරාධ සඳහා වරදකරුවන් වූ 2819කට ජනපති සමාව දී ඇත්තේ රූස්වෙල්ට්ය.
 
 එසේම හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇෆ්ගනිස්තානයේ යුද අපරාධ සිදු කිරීම ගැන වරදකරුවන් වූ හමුදා නිලධාරීන් දෙදෙනකුට සහ ඉරාකයේදී යුද අපරාධ සිදු කළ නාවික සිල් බළකායේ හමුදා ප‍්‍රධානියකුට ද සමාව දී ඇත. මෙලෙස ජනපති සමාව ලැබුවේ ලූතිනන් ක්ලින්ට් ලෝරන්ස් සහ මේජර් මැතිව් ගෝල්ඞ්ස්මිත්ය. එසේම ඇෆ්ගනිස්තානයේදී යුද අපරාධ සිදු කළ එඞ්වඞ් ගැලගර් නැමැති නාවික සීල් ප‍්‍රධානියාගේ කලින් පැවැති නිලය ආපසු දීමටද ට‍්‍රම්ප් නියෝග කරනු ලැබීය.

ඇමෙරිකානු තානාපතිනියට නොපෙනුනු ඝාතකයන්ට ජනපති සමාව දීම

මෙලෙස ඇමෙරිකානු හමුදා නිලධාරීන්ටද ජනපති සමාව දීම ගැන ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ සේනාවිධායක ලෙස කටයුතු කරන ට‍්‍රම්ප් ඇමෙරිකානු හමුදා විනිශ්චය පද්ධතියේ අංශයක් නිසා ඔහුට ජනපති සමාව දීමට බලය ඇති බවයි. එහෙත් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ජනපති සමාව ලබාදීම යනු නීතිය අවභාවිත කිරීමක් ලෙස තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් හඳුන්වයි. ඇමෙරිකානු තානාපතිනිය මෙලෙස පවසා ඇත්තේ ඇගේ තානාපති කාර්යාලය සම`ග රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සාකච්ඡුා පැවැත්වීමත් එම ඩොලර් අරමුදල් මත යැපෙන සුළුතරයත් පමණක් ඉංග‍්‍රීසි භාෂාව දන්නා බව සිතීම නිසාය. 2013 දී ලූතිනන් ලෝරන්ස් යතුරු පැදියක යමින් සිටි සිටි සිවිල් වැසියන් දෙදෙනෙක් වෙඩි තබා මරා දැමීය. ලූතිනන් ගෝල්ඞ්ස්ටින් ද ඇෆ්ගන් සිවිල් වැසියකු මරා දැමීමේ චෝදනාවට වරදකරු විය. පදක්කම් රැුසක් හිමිකර ගෙන සිටි නාවික සීල් බළකායේ ප‍්‍රධානී ගැලගර් ද 2017 දී යුද අපරාධ චෝදනා රැුසක් එල්ල වී වරදකරු විය.
 
 මොවුන්ට ජනපති සමාව ලැබීම ගැන ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් සංවිධානය විරෝධය පෑවත් ට‍්‍රම්ප් ඊට ප‍්‍රතිචාර දැක් වූයේ නැත. යුද හමුදා නිලධාරීන්ට සමාව දීම ගැන ට‍්‍රම්ප් පැවසූවේ එම හමුදා භටයන්ට අසාධාරණ ලෙස සලකා ඇති බවයි. එසේම වෝටර්ගේට් සිද්ධියට වරදකරු වූ හිටපු ජනපති රිචඞ් නික්සන්ට් ජනපති සමාව දීමට ජනපති ජෙරල්ඞ් පෝඞ් ද ක‍්‍රියා කළේය.
 
 මෙලෙස ඇමෙරිකානු ජනපතිවරුන්ට ජනපති සමාව දීමට ඇති බලය ශ‍්‍රී ලංකාවේ ජනපතිට ඇතත් ඇමෙරිකානු තානාපතිනිය ඒ ගැන අවධානය යොමුකර නැත. ඇමෙරිකානු නාවික බළකායේ ප‍්‍රධානී ගැලගර් සිය දඩයම් පිහියෙන් අයිසිස් ත‍්‍රස්ත තරුණයකු මරාදැමීම ගැන වරදකරු වූ අතර ට‍්‍රම්ප් ඔහුට සමාව දීමට ඉදිරිපත් විය. මෙවන් පසුබිමක් මැද රජය මුදාහරින ලද කොටි 16 ක පිරිස අහිංසක ද්‍රවිඩයන්ද නැත්නම් අපරාධකරුවන්ද යන්න ගැන අනාවරණය කරන ලෙස අපි ඇලෙයිනා ටෙප්ලිට්ස්ට අභියෝග කරන්නෙමු. ජනපති සමාව ලත් තවත් ත‍්‍රස්තයකු වන්නේ නල්ලාමි සිවලිංගම්ය. ඔහු නිදහස් විය යුතුව තිබුණේ 2024 වසරේදීය. එහෙත් රජය ඔහුට නිදහස් කළේය. පලාලි සිට රත්මලානට එමින් සිටි ඇන්ටනෝව් යානාවට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කළේ ඉරුතුරෙයි ජෙගන් සහ නල්ලාමි සිවලිංගම් බව හෙළි විය. මොවුන් භාවිත කළ මිසයිල කොපු දෙකද විල්පත්තුව වනයේ තිබී හමුවිය. එය සාක්ෂිය යි. තමන් යානාවට මිසයිල ගැසූ බව දෙදෙනාම පිළිගත්හ. එහෙත් මේ අපරාධකරුවෝ දෙදෙනා නිදහස් වූහ. එසේ වුවත් රජයේ දේශපාලකයන් සහ සමගි ජන බලවේගයේ ප‍්‍රධානීන් මේ ඝාතකයන් නිදහස් වීම ගැන හඬනඟා නැත. ඔවුන් අවධානය යොමුකර ඇත්තේ දුමින්ද සිල්වා ගැනය. මෙවන් පසුබිමක් මැද ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට අතීතය අමතක වී ඇත. ජේ. ආර්. ජයවර්ධන සමයේ සිට මෛත‍්‍රිපාල සිරිසේන දක්වා පාලන සමය තුළ තිදෙනකුට ජනපති සමාව ලැබුණි.
 
 මේ කාල සීමාවේදී රාජ්‍ය නොවන සංවිධාන කට ඇරියේ නැත. මේ හැර ශ‍්‍රී ලංකාවේ නීතිය අවභාවිත වී ඇතැයි චෝදනා කරන ඇමෙරිකානු තානාපතිනිය වියට්නාම් යුද්ධය සමයේ සිදු වූ අපරාධ ගැන නොදන්නේ නම් ඊට අදාළ ඉතිහාසය කියවිය යුතුය. වියට්නාමයේ මයිලායි ගම්මානයේ ගම්වැසියන් 27 ක් වෙඩි තබා ඝාතනය කළ ලූතිනන් කෙලී එම ඝාතනයට වරදකරුයි. වසර කීපයක් සිරදඬුවම් විඳීමෙන් පසු ජනපති සමාව ලබා නිදහස් විය.
 
 එලෙස ඔහුට ජනපති සමාව ලැබීම නීතිය අවභාවිත කිරීමක් නොවේද? ඇමෙරිකානු තානාපතිනිය මෙරට කටයුතු ගැන ටුවිටර් ප‍්‍රකාශ සටහන් කිරීමට පෙර සිය රටේ ජනපතිවරුන් නීතිය අවභාවිත කළ අයුරු අවධාරණයට ලක් කළ යුතුයි. ඇමෙරිකාව විසින් වියට්නාම් යුද්ධය දියත් කරන සමයේ ලින්ඩන් ජොන්සන් ඇමෙරිකානු ජනපති වේ. ඔහු යුද අපරාධකරුවෙක් නොවේද? ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළන ලෙස නියෝග කළේ ඇමෙරිකානු ජනපති අයිසන් හවර්ය. ඔහු බරපතළම යුද අපරාධ සිදු කළ අපරාධකරු බව තහවුරු වේ. එහෙත් මේ අතීතය වසන් කරන ඇලෙයිනා ටෙප්ලිට්ස් ඇමෙරිකානු ජනපතිවරුන් ජනපති සමාව දීම ගැන හඬක් නඟා නැත. එසේම මත්ද්‍රව්‍ය චෝදනාවට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා සිටි ඇලිස් ජෝයි නැමැති කාන්තාවට ද ට‍්‍රම්ප් සමාව දීමට ක‍්‍රියා කළේය. මේ පසුබිම මැද මිනීමරු කොටි 16කට ජනපති සමාවදීම වැරැුද්දක් බව නොපැවසූ ඇමෙරිකාවේ පර්ල් නැමැති කොටි ඩයස්පෝරා සංවිධානය දුමින්ද සිල්වාට නිදහස දීම වැරැුද්දක් බව කියමින් ශ‍්‍රී ලංකාවට ලබාදෙන ජී. එස්. පී. එල්ස් සහනය ඉවත්කර ගන්නා ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇත.
 
 එසේම රජය කොටි ත‍්‍රස්තවාදීන් 12000 ක් මුදාහරිනු ලැබීය. මේ සියලූ දෙනාම අපරාධකරුවන් වේ. එහෙත් පර්ල් හෝ ඇමෙරිකානු හියුමන් රයිට්ස් වොච් සංවිධානය එය වැරැුද්දක් බව පැවසූවේ නැත.මෙම හියුමන් රයිට්ස් වොච් රාජ්‍ය නොවන සංවිධානයේ අග්නිදිග ආසියා ප‍්‍රධානි මීනාක්‍ෂි ගංගුලි නැමැත්තිය ද කොටි 16ක පිරිස මුදාහැරීම ගැන ප‍්‍රසාදය පළකර ඇත. ඇය මේ කොටි පිරිස ත‍්‍රස්තවාදීන් බව කියන්නේ නැත. එහෙත් ඇය දක්වන්නේ ත‍්‍රස්ත මර්දන පනත යටතේ වරදකරුවන් බවට පත් වූ සිරකරුවන් ලෙසිනි. මේ තත්ත්වය මත කොළඹ රාජ්‍ය නොවන සංවිධාන, නීතිඥ සංගමය, ඇමෙරිකානු තානාපති ඇලෙයිනා ඇතුළු පාර්ශ්ව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ජනපති සමාව දීම ගැන අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි. එදා ජනපති ජේ. ආර්. ජයවර්ධන තම පක්‍ෂයේ මරණ දඬුවම නියම වී සිරගතව සිටි මන්ත‍්‍රීවරයකුට ජනපති සමාව දුන් අවස්ථාවේ වත්මන් ජනපතිගේ ක‍්‍රියාමාර්ගයට විරෝධය පෑ මාධ්‍ය පාර්ශ්ව, රාජ්‍ය නොවන සංවිධාන, සහ සමගි ජන බලවේගයේ දේශපාලකයන් සිටියේ කෙසේද?
 
 එදා ජේ. ආර්ට එරෙහිව කට ඇරීමට කිසිවෙකු ක‍්‍රියා කළේ නැත. මෙවන් තත්ත්වයත් මත අද විවිධ පාර්ශ්ව ජනපති සමාවට එරෙහි වී ඇත්තේ දේශපාලන පටු අරමුණ උදෙසායි. එසේම ජේ. ආර්. ජයවර්ධන සමයේදී වර්ධරාජා පෙරුමාල්ගේ හිටපු ඇමැතිවරයකු මෙන්ම හිටපු තානාපතිවරයකුට ද සමාව හිමි විය. එහෙත් මේ අතීතය වසන් කර ඇත. මේ අතර හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ඉරාක සිවිල්වැසියන් 14 ක් ඝාතනය කළ බ්ලැක්වෝටර් නැමැති පුද්ගලික ආරක්‍ෂක ආයතනයේ සිව්දෙනකුට ජනපති සමාව දීමේ සිද්ධිය පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනි දා වාර්තා විය. 2007 වසරේදී මෙම සමූලඝාතනය සිදුවිය. නිකුලස් ස්ලාටර්න් සෝලිසලොස්, ඊවන් ලීඩර්ස් සහ ඩයස්ටින්් අරවි නැමැති මෙම ආරක්‍ෂක භටයන් සිව්දෙනා එකී මිනීමරුම්වලට වරද කරුවන් වීම නිසා වසර 6 ක සිරදඬුවමක් නියම විය. ඉරාකයේ බැක්්ඩෑඞ් නුවර නියුර් චතුරශ‍්‍රයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තවත් සිවිල් වැසියන් 17 ක් බරපතළ තුවාල ලැබී්‍ය. මෙම පසුබිම මැද විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ජනපති ට‍්‍රම්ප් අපරාධවලට වගකිවුයතු පාර්ශ්වලට ජනපති සමාව දීම ගැන වැරැුද්දක් බව නොකියයි. එහෙත් ශ‍්‍රී ලංකාවේ ජනපතිවරයාගේ ජනපති සමාව වැරැුද්දක් බව පෙන්නුම් කිරීමට සිටිනු ක‍්‍රියා කරති. මෙය ද්විත්ව රංගනයක් නොවේද?

advertistmentadvertistment
advertistmentadvertistment