ඇමෙරිකානු මහල් නිවාස සංකීර්ණය කඩා වැටුණේ මුහුදේ සිදුකළ පිපිරීම නිසාද?

370

 ඇමෙරිකාවේ මියාමිහි කොණ්ඩෝ මහල් නිවාස සංකීර්ණය කඩා වැටුණේ එරට නාවික හමුදාව සැතපුම් 107 ක් දුරින් සිදුකළ රාත්තල් 40000ක් පුපුරණ ද්‍රව්‍ය පිපිරවීම නිසා යැයි සැකයක් මතු වී ඇත.
 
 ඇමෙරිකානු නාවික හමුදාවේ නවතම ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවට කම්පන සිදුවන්නේ ද යන්න ගැන නිරීක්ෂණය කිරීම සඳහා මෙම පිපිරීම සිදු කර තිබේ.
 
 එම පිපිරීමෙන් දින 6කට පසු නිවාස සංකීර්ණය කඩා වැටී ඇත.
 
 මෙම මහල් 12කින් යුත් නිවාස සංකීර්ණයේ සිටි අයගෙන් 100කට අධික සංඛ්‍යාවක් මෙතෙක් හමු වී නැත.
 
 මේ අතර විශේෂඥයන් පැවසුවේ නාවික හමුදාව සිදුකළ පිපිරීම සහ මහල් නිවාස සංකීර්ණය කඩා වැටීම අතර සම්බන්ධතාවක් නැති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment