ඇමෙරිකානු රජය හිටපු සැල්වදෝර් සහ හොණ්ඩුරාස් ජනපතිවරුන්ට සම්බාධක පනවයි

92

 දූෂණ ක‍්‍රියා සහ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ හොණ්ඩුරාස් රාජ්‍යයේ ජනපතිවරුන් දෙදෙනකුට සහ සැල්වදෝර් හිටපු ජනපති ටෝනි සාකා වෙත ඇමෙරිකානු රජය සම්බාධක පනවා ඇත.
 
මෙලෙස සම්බාධක පනවා ඇත්තේ හිටපු හොණ්ඩුරාස් ජනපති ලෝබෝ සෝසා වත්මන් හොණ්ඩුරාස් ජනපති ජුමන් ඔර්ලන්ඩෝ සහ හිටපු සැල්වදෝර් ජනපති ටෝනි සාකාටය. මින් වත්මන් හොණ්ඩුරාස් ජනපති ඔර්ලන්ඩෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම`ග සබඳතා පවත්වා ඇති අතර ඔහුගේ සොහොයුරු මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන වරදකරුවී ජීවිතාන්තය දක්වා සිරයට නියම වී ඇත. ඔහු ඇමෙරිකාවේ සිරගෙයක රඳවා සිටි. හිටපු එල් සැල්වදෝර් ජනපති ටෝනි සාකා දූෂණ ක‍්‍රියා සිදු කිරීම ගැන වරදකරුවී වසර 10 ක සිරදඬුවමකට ලක් වී ඇත. මේ අතර එම රටවල නිලධාරීන් 50කට ද සම්බන්ධක පනවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment