ඇමෙරිකානු සහකාර ලේකම්වරයෙක් එයි

92

ආසියාව සඳහා වන එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කප්රෝත් මහතා නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණ ඇත.

මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සදහා වන ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම ඔහුගේ සංචාරයේ අරමුණ බවය.

එහිදී මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සහ ආර්ථික විශේෂඥයින් සමඟ ද ඒ මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment