ඇමෙරිකාවටත් ඔමික්‍රෝන් යයි

616

පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ.

දකුණු අප්‍රිකාවෙන් ඉකුත් සතියේ මුල් වරට හඳුනාගත් ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට ලොව රටවල් හා පාලන කලාප 28ක ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 366කි.

වෛරසය පැතිරුණු නවතම රට බවට පත්වී තිබෙන්නේ ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තියක් සහිත අමෙරිකාවය.

එරට කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගත් ආසාදිතයා දකුණු අප්‍රිකාවේ සිට නොවැම්බර් 22 වැනි දා යළි අමෙරිකාව වෙත පැමිණ  ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment