ඇමෙරිකාවට ගමන් කරමින් තිබූ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් 17ක් මරුට

127

හයිටි රාජ්‍යයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය වෙත ගමන් ගත් බෝට්ටුවක් දියෙහි ගිලී යෑම හේතුවෙන් එහි ගමන් ගත් 17 දෙනකු මියගොස් තිබේ. බහාමා රාජ්‍යයයේ වෙරළට ආසන්න මුහුදු තීරයේ අනතුරට පත් මෙම හයිටි රාජ්‍යයයේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවේ ගමන් ගත් තවත් 25 දෙනකු වෙරළාරක්ෂක භටයන් විසින් බේරා ගෙන තිබේ.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරය වෙත ගමන් කරමින් තිබී ඇති මෙම බෝට්ටුවේ ගමන අවදානම් සහගත වූවක් වන අතර බෝට්ටුව පෙරළී මුහුදේ ගිලී යෑම හේතුවෙන් මියගිය පිරිස අතර කුඩා දරුවකුද සිටින බව වාර්තා වී තිබේ. පොලිසිය විසින් මෙම සංක්‍රමණිකයන් පිරිස රැගෙන ගිය බහාමා රාජ්‍යයේ වැසියන් දෙදෙනකු නීති විරෝධී ලෙස පුද්ගලයන් සංක්‍රමණය කරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment