ඇමෙරිකාවේදී ශ්‍රී ලාංකිකයෙක් පොලිස් වෙඩි වැදී මරුට

338

ඇමෙරිකාවේ අවන්හල් උපදේශකවරයකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු වූ 33 හැවිරිදි රාජන් රාජ් මුණසිංහ ඔහුගේ නිවස අසලදී පොලිස් භටයකු විසින් වෙඩි තබා මරා දමා ඇත.

රාජ් මුණසිංහට වෙඩි තැබූ ඩැනියෙල් සාන්චස් නමැති පොලිස් භටයා අනිවාර්ය නිවාඩු යවා තිබේ. සංචාරයක නිරත වී සිය නිවස වෙත පැමිණි රාජ් මුණසිංහගේ නිවසට සොරුන් ඇතුළු වී ඇති බවට ලත් තොරතුරක් නිසා සිය බලපත්‍ර අවිය රැගෙන නිවස වෙත එල්ල කරන අවස්ථාවේ පොලිස් භටයකු පැමිණ අවිය බිම තබන ලෙස නියෝග කර තිබේ. ඒ සමගම ඩැනිලේ සාන්චස් නමැති එම පොලිස් භටයා ඔහුට වෙඩි තබා ඇත.

මෙම වෙඩි තැබීමට අදාළ වීඩියෝ පටයේ දිස් වන්නේ රාජ් මුණසිංහ සිය නිවසට සොරුන් ඇතුළු වී ඇති බව සිතා රයිපලය ඉදිරිපස දොරටුව වෙත එල්ල කරන අයුරුයි.

ඇමෙරිකානු එන් බී සී ප්‍රවෘත්ති සේවය හෙළි කළේ රාජ් මුණසිංහට වෙඩි තැබූ පොලිස් භටයා කිසිදු විමර්ශනයකින් තොරව එම වෙඩි තැබීම සිදු කළ බවයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment