ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරයේ හා ඇමෙරිකා ලොස්ඇන්ජලීස් ලංකාරාමයේ පොසොන් පිංකම් හෙට සිට

779

ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය හා ලොස්ඇන්ජලීස් ලංකාරාමධිපති තලංගම දේවානන්ද හිමිපාණන්ගේ සංවිධායකත්වයෙන් හා අනුශාසකත්වයෙන් ජුනි 19 වැනිදා සෙනසුරාදා උතුම් පොසොන් පොහොය නිමිතිකරගෙන ආගමික හා ප‍්‍රතිපත්ති පූජා රැසක් ඇමෙරිකානු ජාතික පින්වතුන්ගේ  සහභාගිත්වයෙන් ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වේ. එසේම ජුනි 26 වැනිදා ලොස්ඇන්ජලීස් ලංකාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් අසිරිමත් පොසොන් අසිරිය විහිදෙන පිංකම් රැුසක් පැවැත්වීමට නියමිතය. මේ උතුම් පිංකම් මාලාව ශීලසමාධි වැඩසටහන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡුා, අටවිසි බුද්ධ පූජා පිංකම්, පිරිත් දේශනා ආදී ආගමික ප‍්‍රතිපත්ති පූජා රැුසක් සමගින් සියලූ ලෝවැසියන්ගේ මානසික සුවය උදෙසා සංවිධානය කර ඇත. ජායා රූපයෙන් දැක්වෙන්නේ විදේශකියින් අතින් නිර්මාණය උණු මිහින්තා අනුරුව ඉදිරිපට තලංගම දේවානන්ද හිමි වැඩ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment