ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම:

202

කඨින වීවරය දෙව්මැඳුරේ තැන්පත් කර ඇමරිකන් බැතිමත්හු ආශිර්වාද ලබාගනී

ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම දෙස් විදෙස් පින්වතුන්ගේ ආශිර්වාද මධ්‍යයේ නිමා කරන ලදී. මෙවර ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහරස්ථානයේ උතුම් කඨිනානිසංස පිංකමට සමගාමීව ශ්‍රී ලංකාවාසී සැදැහැති පින්වතුන්ට මෙන්ම ලෝකවාසී සියලුම සත්ත්වයන්ට ආශිර්වාද පිණිස ඔක්තෝබර් මස 14 වන දින ‘මහා පිරිත් දේශනාව’ විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් හා මහා සංඝරත්නයේ වැඩම වීමෙන් විහාරස්ථානයේ දී සිදු කරන ලදී. මෙහි විශේෂත්වය වනුයේ කඨින වීවරය දෙව්මැඳුරේ තැන්පත් කොට ඇමරිකන් බැතිමතුන් වන්දනාමාන කොට ආශිර්වාද ලබාගැනිමයි.

ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම:
ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම:
ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම:
ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම:
ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම:

උතුම් කඨින පිංකම ඔක්තෝබර් මස 15 වන සෙනසුරාදා දින විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ඉපැරණි හෙළ චාරිත්‍රානුකූලව උතුම් කඨින වස්ත්‍රය සැදැහැති දෙස් විදෙස් සුදු ජාතික පින්වතුන්ගේ ඇගිලි තුඩුවලින් මසා ස්වාභාවික වර්ණක යොදා ගනිමින් කඨින වස්ත්‍රය පඬු පොවා කඨින චීවරය අලංකාරවත් අයුරින් නිමවා සුදු ජාතික පින්වතුන් හා දෙස් විදෙස් බැතිමතුන් පිරිවරා ගත් අලංකාර පෙරහැරකින් වීදි සංචාරය කොට විහාරස්ථානනයට වැඩමවා මහා සංඝරත්නය විෂයෙහි සඟ සතු කොට පූජා කරන ලදී. කල්ප තිස් වසක් විපාක දෙන මහත්ඵල මහානිසංස ගෙන දෙන මේ උතුම් කඨින පිංකමෙහි මෙවර ප්‍රධාන දායකත්වය ගෙන ක්‍රියාකාරීව කටයුතු සිදු කරනු ලැබුවේ ඇමෙරිකාවේ පදිංචි දොස්තර සිසිර රණසිංහ මහත්මා ඇතුළු පවුලේ පින්වතුන් විසිනි.

උතුම් කඨින පිංකම තුළින් විහාරස්ථානය සඳහා සැදැහැති පින්වතුන් විසින් ලබා දුන් සියලු ආධාර, ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය හේතුවෙන් අසීරුතාවලට මුහුණපා සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේ පියවර ගන්නා බව උන්වහන්සේ විසින් පවසන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment