ඇමෙරිකාවේ ටෙනසි ප‍්‍රාන්තයේ ජල ගැල්මෙන් 22 ක් මරුට

155

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසි ප‍්‍රාන්තයේ හටගෙන ඇති දරුණු ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 22 දෙනකු මිය ගොස් තවත් 50කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව බලධාරීහු පවසති. මේ වන විට ජල ගැලීම්වලින් අතුරුදන්ව සිටින සහන කණ්ඩායම් විසින් ටෙනසි ප‍්‍රාන්තයේ ‘හම්ප‍්‍රිස් කවුන්ටි’ ප‍්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඉකුත් සෙනසුරාදා දිනයේ ප‍්‍රාන්තයට ඇද හැලූණු අධික වැසි හේතුවෙන් ප‍්‍රාන්තයේ සියලූ මහා මාර්ග ජලයෙන් යට වී ඇති අතර දුරකථන හා විදුලි කණු පවා ජලයට කඩා වැටි තිබේ. සහන කණ්ඩායම් විසින් ජල ගැල්මෙන් අතුරුදන් වූවන් සොයා නිවෙස් මට්ටමින් මෙහෙයුම් දියත් කර ඇත.

සංස්කරනය ඒමන්ති මාරබේ
 

advertistmentadvertistment
advertistmentadvertistment