ඇමෙරිකාවේ දරුණු ලැව් ගින්නක් හේතුවෙන්  අක්කර දස දහස් ගණනක් විනාශ වේ

167

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට හේතු වී ඇති ‘ක්’ නමැති දරුණු ලැව් ගින්න දිනෙන් දින විශාල ප්‍රදේශයක් පුරා පැතිර යෑම හේතුවෙන් ඊයේ (25දා) උදෑසන වන විට අක්කර 15,603ක භූමි භාගයක් දැවී විනාශ වී ගොස් තිබූ බව වාර්තා වේ. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර එම ගින්න පැතිරීම හේතුවෙන් පුද්ගලයන් 6000කට අධික සංඛ්‍යාවක් සිය නිවාසවලින් ඉවත් කර ඇති බව කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීහු පවසති.

මෙම ගින්න හේතුවෙන් දැනටමත් ප්‍රාන්තයේ ඉදි කර ඇති ව්‍යපාරික ස්ථාන, නිවාස ඇතුළු ස්ථාන 10ක් විනාශ වී ගොස් ඇති අතර තවත් එවැනි ස්ථාන 3271ක් විනාශ වීමේ අවදානමට මුහුණ පා ඇති බව කැලිෆෝනියාවේ කැළෑ හා ගිනි ආරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබේ. මෙම ලැව්

ගින්න තවමත් සැළකිය යුතු මට්ටමකින් පාලනය කිරීමට ගිනි නිවන හමුදා භටයන්ට හැකි වී නැතත් එම ගින්න ආරම්භක අවස්ථාවේ පැවතියාක් මෙන් දරුණු මට්ටමක නොපැවතීම හේතුවෙන් එහි ව්‍යාප්තිය ඉක්මනින් පාලනය කිරීමට හැකි වනු ඇති බව ගිනි නිවන හමුදා එම දෙපාර්තමේන්තුවට සඳහන් කර ඇත. මෙම ලැව්

ගින්න හේතුවෙන් ‘මරිපෝසා’ ප්‍රදේශයේ හදිසි නීතිය පනවා තිබේ. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගෙන ඇති ගෝලීය උණුසුම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය පුරා මේ වන විට අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර මෙසේ වැඩි වෙමින් පවතින උෂ්ණත්වය හේතුවෙන් තවත් ලැව් ගිනි

හටගැනීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment