ඇමෙරිකාවේ මියාමිහි මහල් 12ක ගොඩනැඟිල්ලක් කඩා වැටී එක් අයෙක් මරුට 99ක් අතුරුදන් – 35ක් බේරා ගනිති

652

 ඇමෙරිකාවේ මියාමිහි මහල් 12කින් යුත් ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් එක් අයෙක් මියගිය අතර 99 ක් අතුරුදන් වී ඇත. සුන්බුන්වලට සිරවී සිටි ළමයෙක් ද බේරාගෙන තිබේ. 1980 දී ඉදිකළ මෙම ගොඩනැඟිල්ලේ නිවාස 130 ක් තිබූ බව මියාමි නිලධාරීහු පැවසූහ.
 
 මෙහි එක් නිවසක පැරගුවේ ජනපති බිරිය සිල්වියා ලෝපස්ගේ සොහොයුරිය සහ නැන්දණිය පදිංචිව සිටි බව හෙළි වී ඇත. ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් හෙළි වී නැත. අතුුරුදන් වූ පිරිස අතර එම කාන්තාවන් දෙදෙනාගේ දරුවන් තිදෙනකු ද වේ. මේ වනවිට ලත් අලූත්ම තොරතුරුවලින් හෙළි වූයේ තවත් 38 ක් බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම්වලට හැකි වූ බවයි. සුන්බුන් අතර කොටු වී සිටින අයවලූන් සොයා ගැනීම සඳහා සෝනාර් යන්ත‍්‍ර විමර්ශන කැමරා මෙන්ම සුනඛයන්ගේ සහාය ද ලබාගෙන ඇත.
 
 සිද්ධිය සියැසින් දුටු අයෙක් මියාමි මාධ්‍යවලට පැවසුවේ තමාට භූචලනයක හඬ ඇසුණු බවයි. කොණ්ඩෝ නමින් හඳුන්වන මෙම ගොඩනැඟිල්ල බිමට වැටුණේ සැප්තැම්බර් 11 දා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඇදවැටීමට සමානව බවද හෙළි වී ඇත. මේ අතර මියාමි නිලධාරීහු හෙළි කළේ සුන්බුන් අතරින් තට්ටු කරන ශබ්ද ඇහෙන අතර කටහඬවලින් ඇසෙන්නේ නැති බවයි. මුහුදු වෙරළ සමීපයේ පිහිටි මෙම ගොඩනැඟිල්ලේ සැකිල්ල දිරාපත් වීම නිසා එය කඩා වැටී ඇතැයි ගොඩනැඟිලි පර්යේෂකයෝ පවසති. ගොඩනැඟිල්ල කඩාවැටීමට ඉවහල් වූ කරුණු සොයා ගැනීමට මසක් පමණ ගතවනු ඇතැයි ද ඔවුහු තවදුරටත් කියා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment