ඇමෙරිකාවේ රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් පස් දෙනෙක් මරුට

160

ආයුධ සන්නද්ධ පුද්ගලයකු විසින් බදාදා සවස ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ පිහිටි විශ්වවිද්‍යාලයීය රෝහලක සිදු කරන ලද වෙඩි ප්‍රහාරයෙන් වෙඩි තැබූ පුද්ගලයාද ඇතුළුව පුද්ගලයන් පස් දෙනකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබා තිබේ.වයස අවුරුදු තිහත් හතළිහත් අතර වයසක පසුවන කළු ජාතිකයකු විසින් සිදු කරන ලද මෙම වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩි තැබූ පුද්ගලයාද වෙඩි තබා ගෙන මියගොස් ඇති බව වාර්තා වී තිබේ. වෙඩික්කරු (රයිෆලයකින්) තුවක්කුවකින් සන්නද්ධව රෝහල තුළට පැමිණ සෑම දිසාවකටම වෙඩි තබා ඇති බව අනාවරණය වී තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සංඛ්‍යාව නිශ්චිතව අනාවරණය වී නොමැති අතර එම පිරිස වෙඩි තැබීම සිදු වූ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සෙන්ට් ෆ්‍රැන්සිස් රෝහලටම ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. මෙම වෙඩි ප්‍රහාරයට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි ප්‍රහාරය විනාඩි තුනක පමණ කාලයක් පැවති බව හෙළි වී තිබේ. ඉකුත්දා ටෙක්සාස් ප්‍රාන්තයේ පෙර පාසලක කුඩා ළමුන් දහනව දෙනකු ඇතුළු විසි එක් දෙනකු මරණයට පත් කරමින් සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් පසු එවැනි අමානුෂීය ප්‍රහාරයන් නැවත සිදු වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමෙරිකානුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි.
 

advertistmentadvertistment
advertistmentadvertistment