ඇමෙරිකාවේ ලැව් ගිනිවලින් මිලියන ගණනක ජනතාවට පීඩා

111

ගෝලීය උණුසුමෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර කලාපයේ හටගෙන ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම කලාපයට අයත් ප‍්‍රදේශ ගණනාවක දරුණු ලැව් ගිනි හටගෙන තිබේ. මේ හේතුවෙන් මිලියන ගණනාවක ජනතාව දරුණු ලෙස පීඩාවට පත්ව සිටින බව වාර්තා වී තිබේ. මේ අනුව උතුරු නෙවාඩා, ඔරිගන්, කැලිෆෝර්නියා, ඇරිසෝනා යන ප‍්‍රාන්ත හා ප‍්‍රදේශවල හටගෙන ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් විශාල නිවැසියන් පිරිසක් සිය නිවෙස්වලින් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. සති අන්තයේදී ලොස් වෙගාස් ප‍්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.2ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර කැලිෆෝර්නියාවේ ‘ඩෙත් වැලි’ ප‍්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
 
 ඉකුත් ජුනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර කලාපයෙන් ලොව අධිකම උෂ්ණත්වය වාර්තා වී තිබිණි. ලැව් ගිනි ඇවිලෙන ප‍්‍රදේශවලින් නිවැසියන් සිය නිවාසවලින් ඉවත් කර ප‍්‍රජා මධ්‍යස්ථානවල රැුඳවීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර බොහෝ ප‍්‍රදේශවල මහජනතාවගේ සිරුරු සිසිල් කිරීම සඳහා සිසිල් කිරීමේ මධ්‍යස්ථාන මෙන්ම වායුසමීකරණ යන්ත‍්‍ර සවි කළ ස්ථාන පිහිටුවා තිබේ. පවතින අධික උණුසුමෙන් මිදීම සඳහා හැකිතාක් ජලය පානය කරන ලෙසත් වායුසමීකරණ යන්ත‍්‍ර ඇති ගොඩනැ`ගිලිවලට වී සිටින ලෙසත් වෛද්‍යවරු මහජනතාවට උපදෙස් දී ඇත. දරුණු ලෙස ඇවිලෙන ලැව් ගිනි නිවීම සඳහා ගිනි නිවන හමුදා භටයන් දිගටම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ගුවන් යානයක සිට ලැව් ගිනි නිවීමේ කටයුතුවල නිරතව සිටි ඇරිසෝනා ප‍්‍රාන්තයේ ගිනි නිවන හමුදා භටයන් දෙදෙනකු යානය කඩා වැටීමෙන් මියගොස් ඇත.

kandos18
advertistmentadvertistment
advertistmentadvertistment