ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි ප්‍රබල කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මරුට

503

ඇමෙරිකා එක්සත් ජනපදයේ වසර තිහක සිර දඬුවමක් විඳිමින් සිටි කොලොම්බියානු ජාතික ප්‍රබල කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසූ තුන් හැවිරිදි වියෙහි පසු වූ ගිල්බර්ටෝ රොඩ්රිගුවෙස් ඔරේජුවෙලා වසා පද්ධතියේ හටගත් පිළිකාවකින් මියගොස් ඇත. කලක් ගෝලීය කොකේන් මත්ද්‍රව්‍ය වෙළෙඳපොළේ සියයට අසූවක් පාලනය කළ කොලොම්බියාවේ ප්‍රබල මත්ද්‍රව්‍ය කල්ලියක නායකයා වන ඔරේජුවෙලා දෙදහස් හතර වසරේදී ඔහුට එල්ල වූ මත්ද්‍රව්‍ය චෝදනා මත ඇමෙරිකා එක්සත් ජනපදයට භාර දීමට කොලොම්බියාව විසින් පියවර ගෙන තිබූ අතර මියයන විට ඔහු උතුරු කැරොලිනා ප්‍රාන්තයේ බුට්නර් බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටියේය. ඔරේජුවෙලාගේ දේහය අවසන් කටයුතු සිදු කිරීම සඳහා කොලොම්බියාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment