ඇමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක වෙඩි තැබීමකින් දස දෙනෙක් මරුට

273

ඇමරිකාවේ නිව්යෝර්ක් හි බෆලෝ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකදී 18 හැවිරිදි සුදු ජාතික තරුණයෙක් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

 ඔහු මෙම අවස්ථාව සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශනය කර තිබේ.

 හිස් වැසුමක් සහ ආරක්ෂිත ඇඳුමින් සැරසී පැමිණ ඇති මොහු සිදු කළ වෙඩි තැබීම වර්ගවාදී ක්‍රියාවක් ලෙස පොලිස් කොමසාරිස්වරයා සඳහන් කර ඇත.

 වෙඩි වැදුණු සියලු පුද්ගලයින් කළු ජාතිකයින් බව සඳහන් වේ. පොලිසිය පැමිණෙන විට මෙම වෙඩි තැබූ තරුණයා තුවක්කුව ගෙල වෙත හරවා ගෙන වෙඩි තබා ගැනීමට උත්සාහ කර ඇත. පසුව පොලිසිය ඔහු සමඟ සාකච්ඡා කර අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment