ඇමෙරිකාව හොරගල් අහුලයි…ජපන් වෙබ් අඩවියක් කියයි

1567

ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර ලබාදී ඒ වෙනුවට ඇමෙරිකා ඉන්දියා ආරක්‍ෂක ගිවිසුමට ශ්‍රී ලංකාවේ එකඟතාවය ලබා ගැනීමට ඇමෙරිකාව ක්‍රියා කරන බව නික්කෙයි නමැති ජපන් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

චීනයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අනුමැතිය ලබා ගැනීමට ඇති හොඳම අවස්ථාව මෙම ආර්ථික අර්බුදය බවද එම වෙබ් අඩවියේ අක්හිල් බෙරි නමැති විශ්ලේෂකයා කියා සිටියි.

මෙම ඇමෙරිකානු ඉන්දීය ආරක්‍ෂක ගිවිසුමට ශ්‍රී ලංකාව මෙතෙක් එකඟ වී නැත.

ශ්‍රී ලංකාවේ උග්‍ර වී ඇති ආහාර හිඟයට ඇමෙරිකාව, ජපානය, ඔස්ටේ්‍රලියාව සහ ඉන්දියාව සහය වන බවද එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment