ඇමෙරිකා තානාපතිනිය සහ ක්‍රීඩා ඇමැති අතර හමුවක්

187

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ජූලී චන්ග් මහත්මිය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් පෙරේදා (23දා) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙහි දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වල හැසිරීම සහ ක්‍රියාකලාපයන් පිළිබඳව සාකච්ඡා විය, විශේෂයෙන්ම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය සඳහා දේශපාලන අතපෙවීම් සිදුවේ ද නැද්ද යන්න පිළිබඳව ඇමෙරිකානු තානාපතිතුමිය අමාත්‍යවරයාගෙන් විමසා සිටියාය.

මෙම හමුවේ දී අමාත්‍යවරයා විශේෂයෙන්ම, මෙරට තරුණ සංවර්ධනය සඳහා ඹී ්ෂෘ හා ශදම ඛැ්ා වැඩසටහන්හි හැකි උපරිම දායකත්වය ලබාදෙන ලෙසත්, ඒ හරහා තරුණ ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස්

කරගැනීමට අවශ්‍ය ඇමෙරිකානු රජයේ සහයෝගය ඉල්ලා සිටීමට අමතක නොකළේය. මෙම අවස්ථාවට සහභාගි වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති තිරාන් සිල්වා මහතාද ජාතික තරුණ සේවා සභාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් සැකසූ තුන් අවුරුදු සැලැස්ම පිළිබඳවද තානාපතිවරයට පැහැදිලි කළ අතර ඔවුන්ගේ සහයෝගය මෙරට තාරුණ්‍යයට ලබාදෙන ලෙසත් ඉල්ලීය.

advertistmentadvertistment
advertistmentadvertistment