ඇඹිලිපිටිය වෘත්තාන්තය

601

ඉතා මෑතකදී නවතාවයෙන් කියවිය හැකි පොතක් මා අතට පත් විය. සබරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ කොලොන්න කෝරලේ දියපොටගම් පත්තුවේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එදා මෙදාතුර බොහෝ සංසිද්ධීන් සරල සුගම භාෂා ශෛලියකින් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ඒ පොත ‘‘ඇඹිලිපිටියේ වෘත්තාන්තය’’ නම් වෙයි. ලංකාවේ මෑතකදී ලියැවී ඇති විවිධ ප‍්‍රදේශවල වෘතාන්ත සමග තුලනාත්මකව විමසා බැලීමේදී අරමුණු හා හරවත් බව අතින් මෙම කෘතිය සුවිශේෂත්වයක් පෙන්නුම් කරයි. පාඨකයාගේ ආකර්ෂණීය අවධානය ඒ පිළිබඳ යොමු වන්නේ එබැවිනි.
 
 ඇඹිලිපිටිය වෘත්තාන්තයේ සඳහන් සමස්තය අවදි තුනකට කොටස් වශයෙන් බෙදා දැක්විය හැකිය. පළමු වන අවදිය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට 1818 දක්වාත්, දෙවන අවදිය 1818 න් පසු විසිවන සියවසේ මැද භාගය දක්වාත්, තුන්වන අවදිය එතැන් සිට වර්තමානය දක්වාත් වශයෙනි. එසේ වෙන් කළත් කෘතියේ සියලූ සිද්ධි දාමයන් අඛණ්ඩව ප‍්‍රවාහයක් සේ ගලා එන ස්වරූපයක් දැකිය හැකි ය.

ඇඹිලිපිටිය වෘත්තාන්තය

ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානව ජනාවාස ලෙස නිශ්චිතවම හඳුනාගෙන ඇති බෙල්ලන්බැඳිපැලැස්ස රන්චමඩම ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිට 1818 දක්වා කාලය තුළ දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවල ඇතිවූ දේශපාලන ආර්ථික හා සංස්කෘතික හැලහැප්පීම්වලට අනුකූල වෙමින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ වැසියන් කටයුතු කර ඇති බව පැහැදිලි ය.
 
 1815 ඉංග‍්‍රීසීන් විසින් ශ‍්‍රී ලංකාවේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු ඇති වූ අති දරුණු පීඩනයට විරෝධය පළකිරීම සඳහා 1818 ස්වදේශිකයන් විසින් විමුක්ති අරගලයක් ආරම්භ කරන ලදී. ඌවේ කැරැුල්ල නමින් ප‍්‍රසිද්ධ වූයේ එය යි. කැරැුල්ල මර්දනය කිරීම සඳහා ඉංග‍්‍රීසීන් විසින් ක‍්‍රියාත්මක කරන ලද ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී යුදමය ක‍්‍රියාදාමය සිංහල ජාතිය වනසා දැමීම සඳහා ගත් ලොව කිසිවෙක් අනුමත නොකරන එකකි.

ඇඹිලිපිටිය වෘත්තාන්තය


 
 මෙහිදී ඌව පළාතට ආසන්න ඇඹිලිපිටිය ප‍්‍රදේශය ද ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට යට විය. වැව් අමුණු විනාශ කෙරින. වාපි කාර්මික සැලැස්ම සම්පූර්ණයෙන්ම අක‍්‍රීය විය. ගෙවල් ගිනිබත් විය. මරණයෙන් ගැලවුන අතළොස්සක් පිරිස ඇඹිලිපිටිය ප‍්‍රදේශය අතහැර පළා ගියහ. ප‍්‍රදේශය වන ප‍්‍රවාහය විසින් ගිල ගන්නා ලදුව වන සතුන්ගේ රාජධානියක් බවට පත් විය. මේ කරුණු කාරණා ඇඹිලිපිටිය වෘතාන්තය මැනවින් විස්තර කරයි.
 
 ඉන් අනතුරුව විසිවන සියවසේ මුල් දශක දෙකෙන් පසුව උදාවන තුන්වන කාලපරිච්ෙඡ්දයේදී ගොවියන් කිහිප දෙනා බැගින් වූ කුඩා කණ්ඩායම් ඒ ඒ තැන් වල කුඩා හේන් සකසා ගනිමින් ඒවායේ පැලපදියම් වෙමින් ඉතා සෙමෙන් ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කෙරිණ. පොතේ සඳහන් විස්තරවලට අනුව පැහැදිලි වන්නේ ඇඹිලිපිටියේ සංවර්ධනාත්මක අවධිය ආරම්භ වන්නේ 1850 දශකයෙන් පසුව බවය. 1957 ආරම්භ කරන ලද චන්ද්‍රිකා වැව බහුකාර්ය ව්‍යාපාරය 1962 වන විට ගොවීන් සඳහා ජලය ලබා දෙයි. 1963 ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය මගින්ඩ උඩවලව බහුකාර්ය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කරයි. මේ ආදී වශයෙන් ඇඹිලිපිටිය සංවර්ධනයට අරුණලූ වැටෙන 1950 දශකයෙන් පසු කාල පරිච්ෙඡ්දයේ ඉතිහාසය වඩාත් විශ්වසනීයත්වයෙන් යුතු බව පිළිගත යුතුව ඇත. මක්නිසාද යත් එහිදී ඉදිරිපත් කරන බොහෝ කරුණු කාරණා සෘජු නිශ්චිත අත්දැකීම් වලින් යුක්ත වන බැවිනි. එසේ වන්නේ මෙම කෘතියේ සංස්කාරක දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන් වහන්සේ වන නිසා ය.

ඇඹිලිපිටිය වෘත්තාන්තය

 ඇඹිලිපිටිය වෘත්තාන්තය සඳහන් කරන පරිදි උන්වහන්සේ ජන්මලභය ලැබුවේත්, තම ගමේ පන්සල වූ හි`ගුර ආර බෝධිරුක්ඛාරාමයෙහි 1961 ප‍්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූයේත් ඇඹිලිපිටියේ දී ය. 1950 දශකයෙන් පසුව මේ දක්වාත් ප‍්‍රදේශයේ ඇති වූ සියලූ දේශපාලන ආර්ථික හා සංස්කෘතික හැලහැප්පීම් සමග ගැටෙමින් තෙම්පරාදු වෙමින් දුගියාගේ සිට ධනවතා දක්වා සෑම තරාතිරමකම පුද්ගලයන් ඇසුරු කරමින් සමාජ ප‍්‍රගමනයට උරදෙමින් උන්වහන්සේ කටයුතු කරන බව මෙම කෘතියෙන් පැහැදිලි වෙයි.
 
 ජාතික මෙහෙවරක් සඳහා ලියන ලද ඇඹිලිපිටිය වෘත්තාන්තය වූ කලී ඉතිහාසය හදාරන්නන් හට හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාඨකයාට මහ`ගු ඓතිහාසික ග‍්‍රන්ථයකි. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා ඇඹිලිපිටිය පමණක් නොව අනෙකුත් ප‍්‍රදේශවල ද ඉතිහාසය තුලනාත්මකව හැදෑරීමට මෙයින් ලැබෙන්නේ සුළුපටු පිටුබලයක් නොවේ.
 
 මූලාශ‍්‍ර මැනවින් පරිශීලනය කරමින් කරුණු ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ට ය. එමෙන්ම බොහෝ දෙනකුගේ අවධානයෙන් ගිලිහී තිබූ ඉතා වටිනා පුරාවස්තු රාශියක් බෝධිරාජ ධර්මායතනය මගින් සංරක්ෂණය කර පවත්වාගෙන යෑම ද විශේෂයෙන් පැසසිය යුතු කාරණයකි.
 
 ලංකාවේ එක් එක් ප‍්‍රදේශවල වෘත්තාන්ත ඉදිරිපත් කරනු ලබන්නේ රසවින්දනය අරමුණු කරගෙන නොවන බව කවුරුත් දන්නා කාරණයකි. ඒත් මෙම කෘතිය ඉතා රසවත් සාහිත්‍ය ග‍්‍රන්ථයක් වශයෙන් ද අගය කළ හැකිය. ප‍්‍රදේශයේ පොදුජන කණ්ඩායම් ජීවන අරගලයට මුහුණ දීමේදී අත්විඳින ලද අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් සිත් කාවදින ලෙස මෙහි ඉදිරිපත් කරයි. ඇතැම් සිද්ධීන් කියවන පාඨකයාගේ නෙත`ගට කඳුළක් ඉනිම නොවැළැක්විය හැකි ය. රෞද්‍ර, හාස්‍ය, භයානක මෙන්ම ශාන්ත රසාදිය උද්දීපනය කරමින් චිත්තරූප මවන අවස්ථා එමට ය. ඇඹිලිපිටියේ මුල් යුගයේ ගම් නායකයකුගේ මතක සටහන්, ඇඹිලිපිටිය හරහා ගමනක්, පනාමුරේ ඇත් ගාල හා ඇත් රාජා ආදී ලේඛන ඊට උදාහරණ සපයයි. ඇඹිලිපිටිය හරහා ගමනක් ලිපියේ සඳහන් කරුණු අපගේ ද සත්‍ය වූ අත්දැකීම් ය.
 
 තවත් අතකින් බලන විට මෙය ආගමික ග‍්‍රන්ථයකි. ශ‍්‍රද්ධා භක්තිය ඇති කිරීම, පහන් සංවේගය ජනිත කරවීම ආගමික කෘතියක මූලික පරමාර්ථය වෙයි. එම කරුණු මෙම කෘතිය මැනවින් ඉටු කරයි. පෞරාණික ඓතිහාසික සිද්ධස්ථාන රාශියකට සිදුවී ඇති විනාශය ඉතා සංවේගජනක ය. එමෙන්ම ප‍්‍රදේශයේ විහාරස්ථානවල වර්තමාන තත්ත්වය මෙන්ම භික්ෂූන් වහන්සේලාගේ ආගමික කැපකරීම ගැන සඳහන් විස්තර සැදැහැවතුන්ගේ ශ‍්‍රද්ධා භක්තිය වර්ධනයෙහිලා බහුඋපකාරී වෙයි. අනෙක් කාරණය නම් ප‍්‍රදේශයේ ජන ජීවිතය ආරම්භයේ සිටම බෞද්ධ සංකල්ප පෙරදැරි කරගනිමින් කටයුතු කිරීම සිත් පහන් වන අයුරින් ඒ ඒ ලේඛකයන් විසින් ඉදිරිපත් කර තිබීමයි.
 
 සමාජ විද්‍යාත්මක කෘතියක් වශයෙන් ද මෙම කෘතියෙහි ඇත්තේ අපමණ අගයකි. අනුරාධපුර පොළොන්නරු යුගවල සිට ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සමාජ ජීවිතය මූලාශ‍්‍ර ඇසුරින් මැනවින් විග‍්‍රහ වී ඇත. විසිවන සියවස ආරම්භයේ හම්බන්තොට දිස්ත‍්‍රික් ආදායම් පාලක නිලධාරී ලෙනාඞ් වුල්ෆ් බැද්දේගම කෘතිය මගිනුත් වන්නියේ උප දිසාපතිවරයකු වූ විමලරත්න කුමාරගම කවියා ඉදිරිපත් කරන වන්නි සමාජය පිළිබඳ කාව්‍යවලිනුත් විග‍්‍රහ වන සමාජ ජීවිතයට අනුකූල තත්ත්වයක් විසිවන සියවස මුලදී ඇඹිලිපිටිය ප‍්‍රදේශවාසීන් තුළ පැවතුණ බව පෙනෙන්නට ඇත. එමෙන්ම එවක පැවති ග‍්‍රාමීය නිලධාරී පැලැන්තියේ පීඩාකාරී අත්තනෝමතික පාලන කටයුතු ද මැනවින් විග‍්‍රහ වෙයි. තව ද ප‍්‍රදේශයේ ජන ඇදහීම් විශ්වාස චාරිත‍්‍රවාරිත‍්‍ර භාෂා සාස්ත‍්‍ර කිරුම් මිණුම් මෙන්ම ඒ ඒ පළාතට සුවිශේෂ වූ චර්යා රටාවන් ද මැනවින් පිළිබිඹු කිරීමට අදාළ ලේඛකයන් සාර්ථක උත්සාහයක් දරා ඇත.
 
 රැුකියා නියුක්තිකයන්ට පහසුවෙන් රැුකියාවන් සඳහා මගපෙන්වීම ද මෙම කෘතියේ විශේෂත්වයකි. ප‍්‍රදේශයේ දේශගුණික හා කාලගුණික තත්ත්වයන් මෙන්ම භූගෝලීය පරිසරය ද මැනැවින් විස්තර වී ඇත. මේවා උපයෝගී කරගනිමින් ඕනෑම කෙනකුට ස්වයං රැකියාවක් සොයා ගැනීම එතරම් අපහසු නොවේ. අදාළ මූලික ම`ගපෙන්වීම මෙම කෘතිය නොඅඩුව සපයයි. ස්වයං කර්මාන්තයන් වුව ඇරඹීම අපහසු නැත. උදාහරණයක් ලෙස මැණික් කර්මාන්තය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයකු හට එම විෂය පිළිබඳ අවබෝධයක් මෙම කෘතිය පරිශීලනය ලබාගත හැකි ය. පොතෙන් පරිබාහිරව ලබාගත යුතු වන්නේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් ස්වල්පයක් පමණි.
 
 ශ‍්‍රී ලංකාවේ සුවිශාල සංවර්ධන ක‍්‍රියාවලීන් ඇඹිලිපිටිය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ඕනෑම පුද්ගලයකුට, සංවිධානයකට, ආයතනයකට අවශ්‍ය මාර්ගඋපදේශ දත්ත ආදී සියල්ල ඇඹිලිපිටිය වෘත්තාන්තය තුළ ගැබ්ව ඇත. එබැවින් අදාළ ව්‍යාපෘති සැකසීමට අමුතු වෙහෙසක් දැරිය යුතු වන්නේ නැත. උදාහරණයක් ලෙස ලංකාවේ සංචාරක කර්මාන්තය න`ගාසිටුවීමට සැලසුම් කරන ඕනෑම අයකුට අනිවාර්යෙන් අදාළ වන ඓතිහාසික ස්ථාන, රමණීය දියඇලි, කඳු, ගංගා, රක්ෂිත, අභයභූමි මෙන්ම ඇත්අතුරු සෙවන ආදී ඇඹිලිපිටිය සම්බන්ධ සියලූ සම්පත් පිළිබඳ සවිස්තර දැනුවත් බවක් මේ කෘතිය ඇසුරින් ලබා ගත හැකි වනු ඇත. ඒ අයුරින්ම කෘෂිකාර්මික වේවා සංස්කෘතික වේවා ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකට නොවරදින මග පෙන්වීමට ඇඹිලිපිටිය වෘත්තාන්තය පොහොසත්ය.
 
 ඇඹිලිපිටියේ ප‍්‍රදේශයේ එදා මෙදාතුර යම් සංවර්ධන ක‍්‍රියාවලියක් සිදුවී නම් සියල්ල විනිවිද දැක ඒවායේ ප‍්‍රබලතා දුර්වලතා බිඳවැටීම් නිශ්චිතව හඳුනාගෙන පාඨකයා වෙත ඉදිරිපත් කෙරේ. එම අත්දැකීම් උපයෝගී කරගනිමින් නොවරදින සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම වෘත්තාන්තය ගුරු උපදේශ සපයයි.
 
 සමාජ පර්යේෂකයන්ට ද මෙම කෘතිය මහ`ගු අත්වැලකි. එමෙන්ම සමාජය වෙලාගෙන ඇති අපරාධ දූෂණය භීෂණය ආදී අවම කර ගැනීම සඳහා ජාතියේ මුර දේවතාවුන් සේ සලකන භික්ෂූන් වහන්සේලා හට කළ හැකි කාර්යභාරය කුමක්දැයි මේ පොත ප‍්‍රායෝගිකව ඉස්මතුකර දක්වයි.
 
 ගම් ප‍්‍රදේශයක් දියුණුවට පත් කිරීමේදී ආගම දහම මුල් කරගත් සදාචාර ප‍්‍රවර්ධනය සඳහා පමණක් නොව දුරාචාර හා අපරාධ මැ`ඩපැවැත්වීමට ද භික්ෂූන් වහන්සේගේ මෙහෙයුම කෙසේ විය යුතු ද යන්න ද මේ පොතෙන් පැහැදිලි වෙයි. ‘‘කප්පම් කල්ලි දණගැස්සූ ඇඹිලිපිටිය ජන බලවේගය’’ නම් ලිපිය ඒ සඳහා සංවේදී නිදසුනකි. එසේම එය භික්ෂු නායකත්වය කෙසේ විය යුතුද යන්නට ආදර්ශය සපයන සජීවී පාඩමක් ලෙසින් ද හඳුනාගත හැකිය.
 
 ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සියලූ ජන කණ්ඩායම් හා සෑම අස්සක් මුල්ලක් නොහැර බොහෝ දේ නිශ්චිතව හඳුනා ගනිමින් විනිවිද දකිමින් සමාජගත කර ඇති මෙම කෘතියෙහි අඩුපාඩු නැත්තේද නොවේ. උදාහරණ ලෙස මෙතෙක් පිහිටි ස්ථාන නිශ්චිතව හඳුනාගෙන නොමැති දෙතිස් ඵල බෝධීන් වහන්සේලා දෙනමක් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පවතින බව ප‍්‍රවාද ආශ‍්‍රිතව පමණක් සනාථ කිරීමට යෑම එක් අවස්ථාවකි. එහි සඳහන් වන ස්ථාන නාම වෙනත් ප‍්‍රදේශවලින් ද හඳුනාගෙන ඇත.
 
 උක්ත සුළු සුළු අඩුපාඩුකම් තිබුණද කෘතියේ අගය අඩු නොවන බව නිශ්චිතවම සඳහන් කළ හැකි ය.
 
 සමස්තයක් ලෙස ගත් කල ඇඹිලිපිටිය වෘත්තාන්තය සුවිශාල සමාජ මෙහෙවරක් කරනු ලබන කෘතියකි. වර්තමාන ඇඹිලිපිටිය හා සම්බන්ධ ඕනෑම තොරතුරක් මෙයින් ලබාගත හැකිය. සෞඛ්‍ය අංශය ගතහොත් සියලූ පෞද්ගලික හා රජයේ වෛද්‍ය මධ්‍යස්ථාන, වෛද්‍යවරු, හෙද හෙදියන්, වින්නඹු මාතාවන් ආදී ඕනෑම තොරතුරක් ලබාගත හැකි ය. රජයේ හා පෞද්ගලික සියලූ මූල්‍යායතන, ව්‍යාපාරිකයන්, ව්‍යාපාරික ස්ථාන ආදී ඕනෑම තොරතුරක් කෙනකුගෙන් නොවිමසා මේ කෘතිය තුළින් පමණක් ලබාගත හැකි ය. වර්තමානයේ ඇඹිලිපිටිය පිළිබඳ නිවැරදි තොරතුරක් ක්ෂණිකව ලබාගත හැකි අත්පොතක් ලෙස භාවිතා කළ හැකි කෘතිය වන්නේ ඇඹිලිපිටිය වෘත්තාන්තය බව නිර්භයවම ප‍්‍රකාශ කළ හැකි ය.
 
 ඇඹිලිපිටිය ප‍්‍රදේශයට සුවිශේෂී වූ උරුමය වර්තමානයේ සජීවීව ක‍්‍රියාත්මක කරවීමටත් මතු පරපුරට දායාද කිරීමටත් සංස්කාරක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු ලේඛක මණ්ඩලය ගෙන ඇති අතිවිශිෂ්ට උත්සාහයට ජාතියේ ප‍්‍රණාමය හිමිවිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment