ඇයි අම්මේ මට මෙහෙම කළේ… – පියාගෙන් පලි ගන්න මව සිගිති දැරිය ඉස්සන් කොටුවට තල්ලු‍ කරලා

485

දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

මවකගේ රක්ත වර්ණ රුධිරය සුදු පාට කිරි බවට පත් වෙන්නේ දරුවෙකු කෙරෙහි තිබෙන අසීමිත ආදරය නිසාමය. එම ආදරේ කොතෙක්දැයි මෙතෙක් කිසිවෙකුටත් තක්සේරු කර නොහැකි වී ඇත්තේ ද මව් පදවියේ තිබෙන්නා වූ උත්තරීතර බව හේතුවෙනි.

තම දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම ජීවිතය රැකගැනීම වෙනුවෙන් දිවි පිදූ අම්මලා පිළිබඳව ලෝකයේ නන් දෙසින් අසන්නට දකින්නට ලැබේ.

උත්තරීතර මව් සෙනෙහසට නිගාදෙන අයුරින් ඇතැම් මව්වරු පිළිබඳව සමාජයේ අසන්නට දකින්නට ලැබෙන්නා වූ ඛේදවාචකයන් සම්භන්ධව අමුතුවෙන් සදහන් කළ යුත්තක් නොවේ. තම අවුරුදු එකහමාරක් වූ සිඟිති දියණිය ඉස්සන් කොටුවක ජලයට තල්ලු‍ කර ඝාතනය කිරීමට තැත්කළ සිද්ධියක් පුත්තලම උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වේ. වාසනාවකට මෙන් මේ දරුවාගේ ජීවිතය යම් අයුරකින් හෝ ආරක්ෂා කරගන්න දරුවා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතත් මේ විටත් දරුවා පසුවන්නේ දැඩි සත්කාර ඒකකයේය. මව ඉතා සූක්ෂම ලෙස සිය දියණිය ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව අනාවරණය වූයේ ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමෙනි. එසේ නොවුනා නම් මෙම සිද්ධිය අදටත් මතුවටත් අභිරහසක් ලෙස පැවතීමට බොහෝදුරට ඉඩ තිබිණි.

ඇයි අම්මේ මට මෙහෙම කළේ… - පියාගෙන් පලි ගන්න මව සිගිති දැරිය ඉස්සන් කොටුවට තල්ලු‍ කරලා

උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිඳ මෙසේ ඔවුන්ගේ අවුරුද්දයි මාස 6 ක පමණ වයසැති සිය කුළුදුල් ගැහැණු දරුවා ඉස්සන් පොකුණට තල්ලු‍ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැමියා සමග කාලයක් තිස්සේ පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක් තම අවුරුදු එකහමාරක කුළුදුල් දරුවා ඉස්සන් පොකුණට තල්ලු‍ කර දමා ඇති බව උඩප්පුව පොලිසිය විසින් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බව උඩප්පුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් චාමර රාජපක්ෂ මහතා සඳහා පවසයි.

සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ සැමියා උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහුගේ වයස අවුරුදු 26කි. ඔහුගේ බිරිඳ නිකවැරටිය කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඇයගේ වයස අවුරුදු 20කි. මීට වසර දෙකකට පමණ පෙර විවාහ දිවියට පිවිසි මෙම යුවළ නිකවැරටිය ප්‍රදේශයේ එම කාන්තාවගේ නිවසේ පදිංචිව සිට පසුව රැකියාව සඳහා ඔවුන් දෙදෙනාම මෙම ඉස්සන් ගොවිපළට පැමිණ ඇත්තේ මීට වසරකට පමණ පෙරය. ඉස්සන් ගොවිපලේ නිවසක ජීවත් වූ ඔවුන් දෙදෙනාගේ දරුවා මෙලොව එළිය දැක මාස කීපයක් ගිය පසු දෙදෙනා අතර නිරන්තර අඩදබර ඇති විය. මෙම අඩදබර බොහෝ අවස්ථාවල අවසන් වූයේ පොලිස් පොතේ සටහන් වීමෙනි. කොබෙයියනේ පොලිසිය විසින් ඔවුනට දැඩි අවවාද කර ඇති බවද සඳහන්. කෙසේ නමුත් මෙම කාන්තාව දරුවා සමග තම ජීවිතය නැති කරගන්න බව නිරන්තරයෙන් සැමියාට පවසා ඇති බවද විමර්ශන කටයුතු ද හෙළි වී තිබේ.

මෙවන් පසු පසුබිමක් තුළ ඉකුත් 04 වෙදි දින හවස දෙදෙනා අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් කකනස්සල්ලට පත් ඇය ඉස්සන් කොටුව වෙත පැමිණ ඉතා සූක්ෂම අන්දමින් සිය කුළුඳුල් දැරිය දියට තල්ලු‍ කර ඇත්තේ හිතක් පපුවක් නැති කෲර අයෙකු ලෙසිනි.

එම අවස්ථාවේ ඇය දියණිය දියට තල්ලු‍ කර දිව ගොස් තට ස්වාමිපුරුෂයා ගේ සොහොයුරාට කියා ඇත්තේ තම දියණිය ආ ගිය ආගිය තැනක් නොමැති නිසා සොයන බවයි. ඉන් අනතුරුව මෙම සොහොයුරා එකවර දුව වතුරට බැස්ස ද කියා කෑගසමින් ඉස්සන් පොකුණට බැලීමේදී ජලය මත පා වෙමින් සිටි දැරිවිය ක්ෂණිකව ගොඩගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙම දැරිය කොපමණ කාලයක් දියේ ගිලී සිටියාද යන්න සොයා සොයා බැලීමට හැකි ද යන්නය. ඒ අනුව ඔවුන් එම ඉස්සන් ගොවිපළේ ආරක්ෂිත කැමරා පද්ධතියක් තිබෙන බවත් ඒ පරීක්ෂා කිරීමෙන් දැන ගත හැකි බව ද කියා සිටී ඇත. ඒ අනුව ඔවුන් ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී මව විසින් දියණිය දියට තල්ලු‍ කරන දර්ශන සටහන්වී තිබිණි. ඒ අනුව මෙය හිතාමතා කළ සිද්ධියක් බවට තහවුරු විය. ඉන් අනතුරුව සිද්ධියට සම්බන්ධ කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. දියණිය පුත්තලම මූලික රෝහලෙන් කුරුණෑගල කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර එම දැරිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් දරුවාගේ තත්වය මේ වන විට යහපත් අතට හැරි ඇති බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයකු පවසා සිටියේය. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධව දැරියගේ මව විසින් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ තමාද ඉස්සන් පොකුණට පැන ජීවිතය හානිකකර ගැනීමට සිටි බවයි. කෙසේ නමුත් ආරක්ෂිත කැමරා දර්ශනවලින් එය තහවුරු නොවන බවද පොලිසිය සඳහන් කරයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාව රක්ෂිත බන්ධනාගාර කිරීමට පුත්තලම දිසා අධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

උඩප්පුව පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චාමර රරාජපක්ෂ මහතාගේ මෙහෙයුමෙන් සැරයන් 41340 අමිත්, කාන්තා පොලිස් කොස්තාපල් 10 941 නවෝදා ඇතුළු පොලිස් නිලධාරීන් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදු කරයි.
අමරනන්ද විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment