ඇලහැර ගිඟුම් දුන් ගොවි උපවාසය…

234

වී වගාවට පොහොර ඉල්ලා ඇලහැර ව්‍යාපාරයේ ගොවීන් ආරම්භ කළ උපවාසයට අදට (03* දින එකොළහයි.

මේ සඳහා මහා සංඝරත්නය විපක්‍ෂ දේශපාලන නායකයන් රජරට ගොවි සංවිධාන රැුසක් මේ වන විට සහාය පළකර ඇත. එහෙත් කෘෂිකර්ම ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුව මේ ප‍්‍රශ්නය ඇඟට ගත් බවක් තවමත් පෙනෙන්නට නැත. ‘කෘෂිකර්ම ඇමැතිවරයා වල්පල් කියවමින් මේ ප‍්‍රශ්නය මග හරිනවා. ගොවීන්ට එක එක ලේබල් අලවමින් අපහාස උපහාස කරනවා. එයාගේ

වාචාල කතාවලට ගොවීන් හැටියට අපි උත්තර දෙන්න ලෑස්තියි.

බකමූණ ඇලහැර ගොවි ජනපද අක්කර 12,000 ක් විතර වී වගා කරනවා. දැන් ඇලවල්වල වතුර ඇරලා දින ගාණක් වෙනවා. ගොවියෝ කුඹුරට බැහැලා නැහැ. කුඹුරු පුරන් වෙන්න ඇරලා. අපිට රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක දෙනකම් අපේ සටන අත්හරින්නේ නැහැ.

ඇලහැර  ගිඟුම් දුන් ගොවි උපවාසය...

ඇලහැර බකමූණ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්. ඒ. අමරසේන බණ්ඩාර ‘දිවයින’ ජනමඩල හා එක් වෙමින් එසේ කියා සිටියේය.

බකමූණ බෙදුම්ඇල ගොවි සංවිධානයේ සභාපති බී. ආර්. හීන්බණ්ඩා මහතා – අපේ ගොවි උපවාසයට අදට දවස් 11 ක් වෙනවා. අපේ ඉල්ලීම ඇලහැරට විතරක් නෙවෙයි රටේම ගොවි පරපුර වෙනුවෙන්. දැන් තේ වලට බඩ ඉරිඟුවලට පොහොර දෙනවා. ඒවා කාබනිකද? අපි ගොවීන් හැටියට කියන්නේ නිකං අපිව ගොන්නුන්ට අන්දවන්නේ නැතිව පොහොර ටික දෙන්න කියලා.

රදවිගොඩ ගොවි සංවිධානයේ නියෝජිත සුගත් චන්ද්‍රසිරි මහතා,

අපි රටටම බත් කන්න දෙන මිනිස්සු. පොහොර අපිට නිකං එපා. සාධාරණ මිලකට දෙන්න. නිකං පොහොර දෙනවා කියලා බැරි පොරොන්දු දුන්නේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව. දැන් ඒක කරගෙන යන්න බැරිව දඟලනවා. ඇලවල්වල වතුර ඇරලා. නිකං නාස්ති කරනවා. රටින් පොහොර ගෙන්නන්න සල්ලි නැති එක ගොවීන් පිටින් යවන්න එපා. අත්තනකඩවල මඩුදමන ගොවි සංවිධානයේ ඞී-1, ඞී-2 ගොවි සංවිධානයේ නියෝජිත ගාමිණී නිශාන්ත කීවේ මෙවැන්නකි. ආණ්ඩුවේ මේ තකතීරු තීරණ නිසා සමස්ත රටේම ගොවීන් කලකිරිලා. වෙනදා ආසාවෙන් කුඹුරට බහින ගොවියෝ කුඹුරුවලට පය තියන්නේ නැහැ. කුඹුරුවල වල්පැල පිරිලා. ඇල වේල්ලක් ශුද්ධ කරන්නේ නැහැ. කෘෂිකර්ම ඇමැති ඇතුළු වගකිව යුතු අයගේ ඔලමොට්ටලකම් නිසා රටේ ලොකු ආහාර ගැටලූවක් අතළඟ. දැනටමත් අසාමාන්‍ය විදියට වී මිලත්, හාල් මිලත් ඉහළ ගිහින්. ලොකු මෝල්කාරයෝ කෝටි ගණනක් ලාභ ගන්නවා. ආණ්ඩුව පැත්ත බලන්නේ නැහැ. අපි මේ උපවාසය නවත්තන්නේ අඩුම ගානේ බාගෙට භාගයක් හරි රසායනික පොහොර දුන්නොත් විතරයි.

බකමූණ මඩුදමන ගොවි සංවිධානයේ ආර්. කේ. ජී. සෝමපාල මහතා –

මේ වෙනකොට පොහොර නැහැ. කෘමිනාශක, වල් නාශක වර්ග නැහැ. ගිය කන්නයේ රුපියල් 2200 ට තිබුණ වල් තෙල් බෝතලය දැන් 4200 ක් වෙලා. ඒ මිලටවත් ගන්න නැහැ. මේවා පාවිච්චි කරන්නේ නැතිව කොහොමද ගොවිතැන් කරන්නේ. මුළු රටේම ඉන්න උගත්තු කියනවා මේ විදියට රටේ ගොවිතැන කරන්න බැහැ කියලා. හැබැයි ජනාධිපති කෘෂිකර්ම ඇමැති දෙන්නා ඒ අදහස් පිළිගන්නේ නැතිව කටයුතු කරනවා. මේ අය පාර කපන්නේ මහා සාගතයකට.

බකමූණ නුවරහේන බෙදුම්ඇල සංවිධානයේ නියෝජිත ජී. ඒ. ධර්මකීර්ති මහතා –

අපි දන්න විදියට ලෝකයේ එක රටක්වත් නැහැ සීයට සීයක් කාබනික පොහොර විතරක් යොදලා වගා කරන රටක්. කවුරු හරි ජනාධිපතිවරයාට දුන්න ලණුවක් කාලා තමයි මේ විදියට ගොවිතැනට විනාශය කැඳවන්නේ. අවුරුදු දහයක සැලැස්මක් එක කන්නයකින් කරන්න පුළුවන්ද?

අපි ගොවියෝ හැටියට කියන්නේ දැන් රට පුරා එක එක තැන්වල රසායනික පොහොර තියෙනවා. ඒ ටික ගොවීන් අතරේ බෙදලා දෙන්න. ඉතිරි ටික රටින් ගෙන්වන්න. බණ්ඩි පොහොර යොදන කාලේ වෙනකොටවත් පොහොර රටින් ගෙන්වන්න පුළුවන් වෙයි.

අපේ ගොවි සංවිධාන 41 ක් එකතුවෙලා මේ උපවාසය කරන්නේ රටේ හැම ගොවියෙක්ම වෙනුවෙන් මේකට විසඳුමක් හැටියට අපි කියන්නේ ප‍්‍රමිතයක් තියෙන කාබනික පොහොරත් හොඳ තත්ත්වයේ තියෙන රසායනික පොහොරත් 50% ගනේ දෙන්න කියලා. ඒ උත්සාහය සාර්ථකද කියලා එතකොට බලන්න පුළුවන්.

මේ ඇලහැර ජනපදයේ ගොවීන්ගේ

කතාවයි. එය මුළු මහත් රටේම හඬක් බවට පත්ව ඇත්තේ රට පුරා පැනනැඟී ඇති ගොවි විරෝධතා දෙස බලන විටයි. එහෙත් රටේ වගකිවයුත්තන් විවිධ අවලාද නඟමින් ප‍්‍රශ්නයෙන් පැන යන බවක් පෙනේ. එහෙත් අපට කිව හැක්කේ මෙම ගැටලූව දැනටමත් ඔඩු දුවා ඇති බවක් පමණි.

හඟුරක්ගොඩ – අතුලසූරිය බණ්ඩාර, මින්නේරිය – සුජිත් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment