ඇල්ජීරියාවේ ලැව්ගිනිවලට ගොදුරු වී හමුදා භටයන් 25 දෙනෙකු ඇතුළු 42 ක් මරුට

209

අප‍්‍රිකානු රටක් වන ඇල්ජීරියාවේ උතුරුදිග කොටසේ හටගෙන ඇති දරුණු ලැව් ගින්නට ගොදුරු වූ යුද හමුදා භටයන් 25 දෙනෙකු ඇතුළු 42 දෙනකු මිය  ගොස් තිබේ. ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජියර්ස් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර ප‍්‍රදේශයක් වන ”කබිලි” කලාපයේ හටගෙන ඇති මෙම ලැව් ගිනි හේතුවෙන් එම ප‍්‍රදේශයම දුමාරයකින් වැසී ගොස් තිබේ. යුද හමුදා භටයන් ලැව් ගින්නට ගොදුරු වී ඇත්තේ එය නිවීම සඳහා සහය වෙමින් සිටියදීය.

 දේශගුණික විපර්යාසයේ ප‍්‍රතිපලයක් වශයෙන් ඇල්ජීරියාවේ ද අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් හට ගෙන ඇති අතර ඒ හේතුවෙන් හටගත් ලැව් ගිනි 50ක් පමණ මේ වන විට රට පුරා ඇවිළෙමින් තිබෙන බව වාර්තා වී තිබේ. මෙම ලැව්ගිනි ඇවිළීමට මිනිසුන් මුල් වී ඇති බව ඇල්ජීරියානු බලධාරීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment