ඇල්පිටිය කොට්ඨාසයේ එස්.එස්.පී වැඩ භාර ගනී

38

ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වශයෙන් පොලිස් මූලස්ථානයේ විභාග කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පලිස්කාර මහතා ඊයේ (21දා) රාජකාරිය භාර ගෙන ඇත. ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වශයෙන් සේවය කළ ඉන්දික ලොකු හෙට්ටි මහතා විනය හේතු මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයේ විභාග කොට්ඨාසයට ස්ථාන මාරු කිරීමෙන් පුරප්පාඩු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර සඳහා කමල් පලිස්කාර මහතා පත් කර ඇත. 2008 වර්ෂයේ සහකාර පොලිස් අධිකාරිවරකු වශයෙන් සේවයට එක් වූ කමල් පලිස්කාර මහතා ක්‍රියාන්විත සේවයේ රාජකාරී කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරීන්ගේ ගෞරවයට පත් දක්ෂ පොලිස් නිලධාරියෙකි.

ඇල්පිටිය විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment