ඇල්බොරාදා තිරගත වේ

487

අශෝක හඳගම ගේ අලූත්ම නිර්මාණයේ ඇල්බොරාදා චිත‍්‍රපටයේ මංගල දර්ශනය පසුගිය 17 වැනිදා ලිබර්ටි සිනමා හීදී පැවැත්විණි. 34 වෙනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ තිරගතවීමෙන් පසු පේ‍්‍රක්ෂක විචාරක අවධානයට ලක් වූ ‘ඇල්බොරාදා‘, ආදරයේ කවියා ලෙස ලෝ සුපතල පැබ්ලෝ නෙරුදා, ලංකාවේ චිලියානු තානාපති ලෙස 1929 – 31 වකවානුවේ ජීවත්වුණු සමයේ සිදුවීමක් අළලා සැකසුනු සිනමා පටයකි.

ඇල්බොරාදා තිරගත වේ
ඇල්බොරාදා තිරගත වේ

දේශීය සහ විදේශීය රංගන ශිල්පීන් රැුසක් රංගනයෙන් එක්වන ඇල්බොරාදා චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකාවන්, ස්පාඥ නළු ලූවිස් රොමෙරෝ, ප‍්‍රංශ රංගන ශිල්පිනී ඈන් සොලෙන් සමඟ මැල්කම් මචාඩෝ, රිතිකා කොඩිතුවක්කු, ඩොමිනික් කෙලර්, නිමායා හැරිස්, සමන්තා බාලසුරිය, තුසිත ලක්නාත් සහ කෞශල්යා මෙන්ඩිස් විසින් පණගන්වා ඇත. චන්න දේශප‍්‍රිය කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද, බිමල් දුෂ්මන්ත නිෂ්පාදන සැලසුමෙන් ද, දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් ද, චත‍්‍ර වීරමන් විශේෂ දෘශ්‍ය ප‍්‍රයෝග සැකසුමෙන් ද, සමරසිරි කඳනගේ අංග රචනයෙන් ද, පියතිස්ස අකුරම්බොඩ ඇඳුම් නිර්මාණයෙන් ද දායක වන ඇල්බොරාදා හි සංගීතය අජිත් කුමාරසිරි සහ නාමිනී පංචලා ගෙනි‘ ඇල්බොරාදා සම නිෂ්පාදනය කුමුදිනි හපුතන්ත‍්‍රි, චන්දු හපුතන්ත‍්‍රී සහ චන්ද්‍රි හපුතන්ත‍්‍රී ගෙනි. සරසවි සිනෙරූ වෙනුවෙන් ඇල්බොරාදා නිෂ්පාදනය කළේ එච්. ඞී. පේ‍්‍රමසිරි.

advertistmentadvertistment
advertistmentadvertistment