ඇල්බොරොදා නෙරූදාගේ ප‍්‍රතිරූපය බින්දාද….. හඳගමට සවන්දෙමු

779

ප‍්‍රකට චිලී ජාතික කවියකු වූ පැබ්ලෝ නෙරූදා ශී‍්‍ර ලංකාවේ ගත කළ කාලයෙහි වූ සිදුවීමක් අළලා නිර්මාණය කළ අශෝක හඳගමයන්ගේ ‘‘ඇල්බොරෝදා’’ සිනමා කාව්‍ය මේ දිනවල පේ‍්‍රක්ෂක ආකර්ෂණය මැද තිරගත වේ. ඒ සමගම සමන් වික‍්‍රමාරච්චි සිංහලයට නැගු පැබ්ලෝ නෙරූදාගේ ඇල්බොරෝදා කෘතිය ද ජනගත කෙරිණි.

ඇල්බොරොදා නෙරූදාගේ ප‍්‍රතිරූපය බින්දාද.....  හඳගමට සවන්දෙමු

නෙරූදාගේ කතාව මීට පෙර කියවා ඇති බොහෝ දෙනෙක් හඳගම එය සිනමාවට නඟා තිබෙන්නෙ කවර ලෙසද යන්න කුතුහලයෙන් පසු වූයේ ඇල්බොරෝදා සිනමාපටයේ පූර්ව ප‍්‍රචාරක අවධියේ සිටයි. එම කුතුහලයට අස්වැසිල්ලක් වෙමින් ඇල්බොරොදා කෘතිය එළි දැක්වීමේදී, ඇල්බොරොදා සිනමා නිර්මාණය පිළිසිඳ ගැනීම ගැන හඳගම මෙසේ කියන්නේය.

‘‘පැබ්ලෝ නෙරූදා ලංකාවේ සිටි කාලයේ සිදුවීමක් අරබයා සිනමා පටයක් කිරීමේ අදහස මගේ සිතේ මුලින්ම පිළිසිඳ ගන්නේ තිස්ස අබේසේකර සිය ‘අයාලේ ගිය සිතක සටහන්’ පොතේ නෙරූදා ලංකාවේ සිටි කාලය පිළිබඳ යොදා තිබූ සටහනක් කියවීමෙන්. එය නෙරූදා ගේ මතක සටහන් (memoirs) පොතේ සඳහන් වන සිදුවීමක් ලෙසයි ඔහු සඳහන් කර තිබුණේ. අබේසේකරගේ පොත කියවීමෙන් ලද අනුප‍්‍රාණයෙන්, නෙරූදා ගේ මෙමරීස් පොත මිලදී ගන්නට ලංකාවේ ප‍්‍රචලිත ඉංගිරීසි පොත් හල්වල හෙවුවත් හමු වුණේ නැහැ. ලංකාවේ පොත් හල්වලින් මිලදී ගැනීමට නොතිබුණු නිසා ඇමසෝන් සමාගමෙන් ඇනවුම් කරලයි මා එය ගෙන්වා ගත්තේ.’’

එම කෘතියේ හඳගමගේ සිත අල්වා ගන්නේ දිදුලන හුදකලාව (luminous solitude) නම් පරිච්ෙඡ්දය. ඒ තුළින් තිර පිටපත සැකසුණ හැටි හඳගම හෙළි කළේ මෙලෙසය.

ඇල්බොරොදා නෙරූදාගේ ප‍්‍රතිරූපය බින්දාද.....  හඳගමට සවන්දෙමු

‘‘පිටපත මුලින්ම සකස් කෙරුණේ දිදුලන හුදකලාව පරිච්ෙඡ්දයේ එන සිදුවීමක් වටා තවත් සිදුවීම් ගොනු කිරීමෙන්. පොතේ සටහන් සක්කිලි තරුණිය වෙත නෙරූදාගේ සිත් බැඳීමත්, ඇය සමඟ වන රමණ අවස්ථාවත් වගේම චිත‍්‍රපටයේ සෑම සිදුවීමක්ම සත්‍ය සේ පෙනෙන කරුණු පදනම්ව පරිකල්පනීයව ගොඩ නැගුණු සිදුවීම්.’‘ යැයි හඳගම පවසන්නේය.

ඇල්බොරොදා නෙරූදාගේ ප‍්‍රතිරූපය බින්දාද.....  හඳගමට සවන්දෙමු

මේ වන විට ඇල්බොරොදා නැරඹූ ඇතැමුන් තමන් ආදරය කරන කවියාගේ ප‍්‍රතිරූපය සිනමාපටය තුළින් බිඳ වැටී ඇතැයි මැසිවිලි නැගූ බවද හඳගම මේ කතාවේදී හෙළි කරන්නේය. ඒ සමගම ඔහු ඊට ප‍්‍රතිචාර දක්වන්නේ මෙසේය.

‘‘ඔහුගේ කවීත්වය, චරිතයේ ඇති විප්ලවීය ගුණය අතිශය ප‍්‍රබල නිසා ‘පහත් කුල ස්ත‍්‍රියක දූෂණය කිරීම වැනි සුළු වරදක්’ මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු අවමානයට ලක් කිරීමට තරම් නොවෙයි කියා සිතීම වගේ දේවල් මිනිස්සු හිත් රිද්ද ගන්න හේතු වෙලා තියෙන්නෙ.

හැබැයි නෙරූදා කළ අපරාධය සුළුපටු නොවෙයි කියලා ඔහුව පූජාසනයෙන් බස්සන්න ඕන කියලා විරෝධය පෑවේ අපි නෙවෙයි. චිලී වලම වැසියන්. නෙරූදා කියන්නේ චිලී රටේ අභිමානය. චිලී රටට ගොඩ බසින ඕනෑම විදේශිකයෙකුට චිලියේ මේ අභිමානය පෙනෙන්න ඕන කියලා සන්තියාගෝ ගුවන් තොටුපළ පැබ්ලෝ නෙරූදා නමින් නම් කරන්න චිලී ආණ්ඩුව ලක ලෑස්ති වෙනකොට ඊට විරෝධය දැක්වූයේ නෙරූදා ට ආදරය කරන චිලී ජනතාව. එය සුළුපටු විරෝධයක් නොවන නිසා ආණ්ඩුවට සිදු වුණා එය අකුලා ගන්න.’‘

ඇල්බොරොදා තුළින් අශෝක හඳගම ඉදිරිපත් කරන්නේ නෙරූදා පිළිබඳ ඔබ සිතේ පැළපදියම් වූ සිතුවිල්ලමද…

තිස්ස ගුණතිලක

ඇල්බොරොදා නෙරූදාගේ ප‍්‍රතිරූපය බින්දාද.....  හඳගමට සවන්දෙමු
advertistmentadvertistment
advertistmentadvertistment