ඇල්ලූ දෙදෙනා පහර කා රෝහලේ

708

ජාතික ජනබලවේගය පක්ෂයේ පෙරේදා (30දා) පැවති ගම්පහ දිස්ත‍්‍රික් සමුළුවේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කරගනිමින් බිත්තර සහ ගල් ප‍්‍රහාරයක් එල්ල කළ බවට සැකකරන පිරිස අතරින් හඳුනාගත් සැකකරුවන් දෙදෙනාට එහි සිටි පිරිසක් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වතුපිටිවල දිස්ත‍්‍රික් මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි. මොවුන් දෙදෙනා පක්ෂ ආධාරකරුවන් පිරිසක් විසින් අල්ලා නිට්ටඹුව පොලිසියට භාර දී ඇත.

ගම්පහ කළගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත‍්‍රික් සමුළුව සඳහා සහභාගී වීමට පැමිණි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා උත්සව භූමියට පැමිණෙනවාත් සමඟම ඉදිරිපස රැුස්ව සිටි පිරිසක් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා වේ.

මන්ත‍්‍රීවරයා පැමිණි රථයට සහ තවත් රථ කිහිපයකට මෙම බිත්තර ප‍්‍රහාරය එල්ල වී තිබුණි. මෙම ප‍්‍රහාරය වැළැක්වීමට රැුස්ව සිටි පිරිස උත්සාහ ගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයකුට තුවාල සිදුවී ඇත. ගල් ප‍්‍රහාරයෙන් ජාතික ජන බලවේග ආධාරකරුවකුට ද තුවාල සිදුවී තිබුණි. අත්අඩංගුවට පත් දෙදෙනා මිනුවන්ගොඩ සහ ගම්පොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් දෙදෙනා අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් බිත්තර ප‍්‍රහාරය එල්ල කරන අයුරු සහ ආධාරකරුවන් සැකකරුවන් අල්ලා ගන්නා අයුරු අසල ආරක්ෂක කැමරා පද්ධතියක සටහන් වී තිබිණි.

කල්එළිය – චන්ද්‍රවීර වික‍්‍රමරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment