යුගදනවි දෙන්න එපා – ඇල්ලේ හිමිගෙන් සහ කාදිනල්තුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

205

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටසින් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් පෝට්ටෙ‍්‍රස් සමාගමට පවරාදීමට කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හා ඇල්ලේ ගුණවංශ හිමිපාණෝ ඊයේ (18 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, කොළඹ කෝස්ට් පවර් පුද්ගලික සමාගම, ඇමෙරිකාවේ නිව් පෝට්ටෙ‍්‍රස් එනර්ජි සමාගම හා නීතිපතිවරයා ඇතුළු 54 දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

එකී ඇමෙරිකානු සමාගමට යුගදනවි බලාගාරයේ සතු කොටස් සියයට 40 ක ප‍්‍රමාණයක් ලබාදීමට පසුගිය සැප්තැම්බර් 6 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණය සිය පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ලබාදෙනතෙක් බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද එමගින් ඉල්ලා ඇත.

එලෙස රජයට අයත් කොටස් විදේශීය සමාගමකට පැවරීමෙන් අප රටේ විදුලි බල ක්‍ෂේත‍්‍රය අහිතකර ප‍්‍රතිවිපාක රැුසක්ට ඇද දමන අ¥රදර්ශී කි‍්‍රයාකලාපයක් බවත් එය රටේ ඒකීයභාවයට හානිකරදායී පිළිවෙතක් බවත් නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ එහි සභාපතිවරයා ප‍්‍රමුඛ සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩලය හා එහි සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

ශ‍්‍රී ලංකා රජය හා රජය නියෝජනය කරන නිලධාරීන් ඇමෙරිකාවේ නිව් පෝට්ටෙ‍්‍රස් සමාගම අතර ද්‍රව වායු ගෑස් සැපයීම සම්බන්ධයෙන් වූ ගිවිසුම් අත්සන් කිරීම වළක්වන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment